ශ‍්‍රී ලංකා – දකුණු අප‍්‍රිකා පුහුණු තරගයෙන් දකුණු අප‍්‍රිකාවට දැවැන්ත ජයක්

ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ දකුණු අප‍්‍රිකානු කණ්ඩායම අතර ඊයේ එංගලන්තයේ ‘‘සොෆියා ගාර්ඩන්’’ ක‍්‍රීඩාංගනයේ පැවැති ප‍්‍රථම පුහුණු තරගයෙන් ලකුණු 87ක දැවැන්ත ජයග‍්‍රහණයක් ලබා ගැනීමට දකුණු අපි‍්‍රිකානු කණ්ඩායම සමත් වුණා.

ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප‍්‍ර‍්‍රිකානු කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුළු 7කය ලකුණු 338ක් වාර්තා කළ අතර ඊට ප‍්‍රතිචාර වශයෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායමට පන්දු ඕවර 42.3කදී සියලූම ක‍්‍රීඩකයින් දැවී ලබාගත හැකි වුණේ ලකුණු 251ක් පමණයි.

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ නායක Faf du Plessis විසිනුයි. ඔහු පන්දු 69කදී ලකුණු 88ක් වාර්තා කළේ 4 පහර 7ක් සහ 6 පහර 4ක් සමගිනුයි. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 127.54ක් වුණා. ධනංජය සිල්වාගේ පන්දුවකට සුරංග ලක්මාල් විසින් උඩ පන්දුවක් රැුක ගැනීම සමග පිටියෙන් ඉවත් වීමට සිදු වුණා.

දකුණු අක‍්‍රිකාව වෙනුවෙන් හෂීම් අම්ලා පන්දු 61කදී 4 පහර 9ක් සමගින් ලකුණු 65ක් වාර්තා කළා. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 106.56ක් වුණා. ඔහුගේ කඩුල්ල දවා ගත්තේ ජීවන් මෙන්ඩිස් විසිනුයි.

මෙම තරගයේදී අතිරේක ලකුණු 11ක් ලබාදී තිබුණා. ඒ අතර නිපන්දු 5ක් සහ වයිට් පන්දු 6ක් තිබුණා.

දකුණු අප‍්‍රිකානු කණ්ඩායමේ ප‍්‍රථම කඩුල්ල ලකුණු 47දී ද දෙවන කඩුල්ල ලෙස හෂීම් අම්ලා 175දී ද, තෙවන කඩුල්ල ද 175දී ද බිඳ වැටුණා. සිවුවන කඩුල්ල 211දී ද පස්වන කඩුල්ල 228දී ද හයවන කඩුල්ල 259දී ද බිඳ වැටුණු අතර 7 වන කඩුල්ල 286දී බිඳ වැටුණා.

පන්දු යැවීම

ශ‍්‍රී ලංකා පිල වෙනුවෙන් පන්දු යැවීමේ නිතර වූ සුරංග ලක්මාල් පන්දු ඕවර 09කදී ලකුණු 63කට කඩුළු 02ක් ලබා ගත්තා. නුවන් ප‍්‍රදීප් පන්දු ඕවර් 10කදී ලකුණු 77කට කඩුළු 02ක් ද, ඉසුරු උදාන, ජීවන් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා 01ක් කඩුල්ල බැගින් දවා ගත්තා.

ශ‍්‍රී ලංකා කණ්ඩායම

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු ප‍්‍රමාණයකට හිමිකම් කීවේ නායක දිමුත් කරුණාරත්නයි. ඔහු පන්දු 92කදී ලකුණු 87ක් ලබා ගත්තා. ඒ වෙනුවෙන් 4 පහර 12ක් එල්ල කළ අතර දිමුත්ගේ වේගය වුණේ 94.57ක්.

ඇන්ජිලෝ මැතිව්ස් පන්දු 66කදී ලකුණු 64ක් ලබාගත්තේ 4 පහර 6ක් සහ 6 පහර 01ක් එල්ල කරමින්. ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 96.97ක් වුණා.

කුසල් මෙන්ඩිස් ලකුණු 37ක් ලබාගත්තේ පන්දු 31කදීයි. එයට 4 පහර 6ක් ඇතුළත් වූ අතර ඔහුගේ ලකුණු ලබා ගැනීමේ වේගය 119.35ක් වුණා.

ආරම්භක පිතිකරු කුසල් පෙරේරා තමා මුහුණ දුන් දෙවැනි පන්දුවේදී ම ලකුණු නොලබාම දැවී ගියා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරුවන්ගෙන් 07 දෙනකුම ලකුණු 10ට අඩුවෙන් ලබා ගැනීම විශේෂත්වයක්.

කඩුළු බිඳ වැටීමේදී ප‍්‍රථම කඩුල්ල ලෙස කුසල් පෙරේරා ලකුණු නොලබාම දැවී ගියේ ලංකා කණ්ඩායමක එකඳු ලකුණුක් හෝ ලබා නොසිටියදී. ඒ අනුව 0/1, 10/2, 72/3,170/4, 199/5, 220/6, 235/7,236/8,24/9, සහ 250/10 ලෙස ශ‍්‍රී ලංකා කණ්ඩායමේ කඩුළු බිඳ වැටුණා.

පන්දු යැවීම

දකුණු අප‍්‍රිකාව වෙනුවෙන් Andile Phehlukwayo ලකුණු 36කට කඩුුළු 04ක් ද, Lungi Nigidi ලකුණු 12කට කඩුළු 02ක් ද දවා ගත්තා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor