ආණ්ඩුව පිහිටුවීමට සූදානම් බව මෝදි ජනපති රාම්නාද්ට කියයි

පසුගිය දා පැවැති මහ මැතිවරණයෙන් අති විශිෂ්ඨ ජයග‍්‍රහණයක් ලැබූ භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝදි 30 වැනිදා යළි අගමැති පදවියේ දිවුරුම් දීම සඳහා අග‍්‍රාමාත්‍ය පදවියෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඒ සමග මෝදි අද ඉන්දීය ජනපති රාම්නාද් කෝවින්ද් මහතා හමුවී තිබෙනවා. ඒ නව රජයක් පිහිටුවීම සඳහා තමා සූදානම් බව ජනපතිවරයාට දැනුම්දීම සඳහායි.

මේ අතර ඉන්දීය ජනමාධ්‍ය සඳහන් කරන්නේ භාරතීය ජනතා පක්ෂයේ නායකත්වයට යටතේ සංධාන ගතව සිටින ජාතික ප‍්‍රජාතන්ත‍්‍රවාදී සන්ධානයේ සභාපති අමිත් ෂා ඇතුළු නියෝජිතයින් පිරිසක් ද ජනපතිවරයා හමුවී තම සහාය මෝදිට හිමිවන බව දැනුම් දුන් බවයි.

Recommended For You

About the Author: Editor