ජපන් ඔලිම්පික් උළෙළට හැඳු විදුලි දුම්රියෙන් වේග වාර්තාවක්

ක‍්‍රීඩාවේ මෞලි මංගල්‍යය වන්නේ ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලයි. එයට සත්කාරකත්වය දක්වන්න ලැබීම ඕනෑම රටක් සලකන්නේ තමන් ලබන ඉහළම අභිමානය, ගෞරවය ලෙසයි.

2020 ඔලිම්පික් උළෙළ පැවැත්වෙන්නේ සකුරා මල් පිපෙනන ජපානයේ. ඒ නිසා කොයිදේටත් උපන් – හපන්, කරන දේ හරියටම කරන ජපන්නු මේ වන විට ඔලිම්පික් උළෙලට අවශ්‍ය සියලූම දේ කර අවසන් බවයි ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරන්නේ.

මේත් එවැනි පුවතක්.

1964දීත් ඔලිම්පික් උළෙල පැවැත් වුණේ ජපානයේ. ඊට අවුරුදු 20කට පෙර දෙවැනි ලෝක සංග‍්‍රාමයෙන් දැවැන්ත පරාජයකට මුහුණ දුන් ජපානය දශක දෙකක් ගත වීමටත් පෙර අළු මතින් නැගී සිටි ‘‘ෆීනික්ස් පක්ෂියෙක්’’ කියලයි ලෝකයම කිව්වේ.

එදා, 1964දී ජපානය ඔලිම්පික් උළෙල වෙනුවෙන් ‘‘විදුලි දුම්රිය’’ හඳුන්වා දුන්නා. එදා සිට ලෝකයේ දැවැන්තම, නවීනතම විදුලි දුම්රිය සේවයට හිමිකම් කියන්නේ ජපානයයි.

ඔන්න දැන් මේවරත් ජපානය විදුලි දුම්රියක් සමග ඔලිම්පික් පටන් ගන්න සූදානම් වන බව ජපන් මාධ්‍ය කියනවා.

2020 පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලට සමගාමීව හඳුන්වාදීමට නියමිත ජපන් විදුලි දුම්රිය ඊයේ (24) අත්හදා බැලීම් ධාවනය කළා. ඒ නිකං නොවෙයි ලෝක වාර්තාවක් එක්ක. පැයට කිලෝමීටර 360ක වේගයක් වාර්තා කළ මෙය වාර්තාවක් බවයි සැලකෙන්නේ.

Recommended For You

About the Author: Editor