වඳ කළ බවට සැක කතුන් දෙදෙනෙක්ගෙන් පැමිණිලි

සැක කටයුතු වත්කම් උපයා ගැනීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සහ කාන්තාවන් 4000කට අනීතික ලෙස වඳ සැත්කම් කළ බවට චෝදනා එල්ලවී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ වෛද්‍යවරයාට එරෙහිව අද දින (26) කාන්තාවන් දෙදෙනකු විසින් පැමිණිලි ඉදිරිපත් කර ඇතැයි වාර්තා වේ.

අප කුරුණෑගල වාර්තාකරු පැවසුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය චන්දන කැඳන්ගමුව මහතා ඉදිරියේ මෙම පැමිණිලි සටහන් කර ඇති බවයි.

වාරියපොළ සහ කුරුණෑගල ප‍්‍රදේශවල පදිංචිකාරියන් වන මෙම විවාහක කාන්තාවන් දෙදෙනා වයස අවුරුදු 32 සහ 29 වැනි වියේ පසුවන අතර ඔවුන් තම පැමිණිල්ලේ සඳහන් කර ඇත්තේ තමන් විවාහා වී කෙටි කාලයකින් පළමු දරුවා බිහි කිරීම සඳහා සිසේරියන් සැත්කමට මුහුණ දුන් බවත් එයින් පසු තමන් ගැබ් ගැනීමට ලක් නොවූ බවත්ය.

තමන් මුහුණ දුන් සිසේරියන් සැත්කම් සිදු කළේ චෝදනා ලැබ සිටින වෛද්‍යවරයා විසින් බව ද ඔවුන් තම පැමිණිල්ලේ සටහන් කර ඇත.

මෙම පැමිණිලිකාර කාන්තාවන් දෙදෙනා ඔවුන්ගේ ද අනුමැතිය ඇතිව හෙට (27) වන්ධ්‍යකරණ පරීක්ෂාවකට ලක්කරන බව ද කුරුණෑගල ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂවරයා සඳහන් කර ඇත.

Recommended For You

About the Author: Editor