අද ඔස්ටේ‍්‍රලියා – ශ‍්‍රී ලංකා පුහුණු තරගයට මාලිංග එක්වෙයි

ලෝක කුසලාන තරගාවලියට පෙර ශ‍්‍රී ලංකාව මුහුණ දෙන දෙවැනි පුහුණු තරගය අද ඔස්ටේ‍්‍රලියාව සමග සදම්ටන්හිදී පැවැත්වෙනවා. එය ශ‍්‍රී ලංකාවේ වේලාවෙන් ප.ව 03.30ටයි ආරම්භ වන්නේ.

මේ අතර එංගලනත්යෙන් ලැබෙන මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ තම නැන්දණියගේ රෝගී තත්ත්වය නිසා කණ්ඩායමට එක්වීමට නොහැකි වූ ලසිත් මාලිංග ද පසුගිය දා එංගලන්තයට පැමිණි බවත් ඔහු අද ඔස්ටේ‍්‍රලියාව සමග තරගයට එක්වනු ඇති බවයි.

මේ අතර පළමු පුහුණු තරගයේදී ආබාධයන්ට ලක්වූ ආරම්භක පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු සහ තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදානගේ ආබාධ තත්ත්වයන් එතරම් බරපතළ නොවන බව එම තරගයෙන් අනතුරුව නායක දිමුත් කරුණාරත්න පැවසුවා. ඒ හේතුවෙන් ඔවුන් දෙදෙනාද අද තරගයට ක්‍රීඩා කිරීමට ඉඩ ඇති බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor