නාම පුවරුවල භාෂා මාධ්‍ය ගැන චක‍්‍රලේඛය නිකුත් කරයි

සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි යන ත්‍රෙභාෂා මාධ්‍යයෙන් පමණක් නාම පුවරු ප‍්‍රදර්ශනය කිරීම සම්බන්ධයෙන් විශේෂ චක‍්‍රලේඛයක් අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය විසින් අද නිකුත් කර තිබෙනවා.

ඒ අනූව මින් ඉදිරියට සිංහල, දෙමළ සහ ඉංග‍්‍රීසි භාෂාවලින් පමණක් නාමපුවරු ප‍්‍රදර්ශනය සිදුකළ යුතු බවයි අමාත්‍යාංශය සඳහන් කරන්නේ. එම චක‍්‍රලේඛය අද සහ හෙට අදාළ ආයතන වෙත ලැබෙනු ඇති බවද අමාත්‍යාංශය සඳහන් කරනවා.

නැගෙනහිර පළාතේ ඇතැම් ප‍්‍රදේශවල අරාබි භාෂාවෙන් නාම පුවරු ප‍්‍රදර්ශනය කිරීම මෙම නීතිය පැනවීමට හේතු වූ බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor