මංතීරු නීතිය අද සිට: සහන සති දෙකෙන් පසු නීතිය අකුරටම

අද දින (27) සිට මංතීරු නීතිය ක‍්‍රියාත්මක වුවත් ඊට සූදානම් වීම සඳහා රියැදුරන්ට සති දෙකක සහන කාලයක් ලබා දෙන බවත් ඉන් පසු මෙම නීතිය දැඩිව ක‍්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක රුවන් ගුණසේකර මහතා කියයි.

මෙහිදී වැඩි දුරටත් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා,

පසුගිය කාලය තුළ අවස්ථා කිහිපයකදීම අප ප්‍රධාන නගර ආශ්‍රිතව මංතීරු නීතිය ක්‍රියාවේ යෙදවූවා. රියදුරන්ගෙන්ද ඊට විශාල සහායක් ලැබුණා.

එහිදී මංතීරු නීතිය ක්‍රියාත්මක කිරීම නිසා මාර්ගවල විනය ඇතිවනවා වගේම වාහන තදබදය හා අනතුරු අවම වෙනවා. නැවතත් ප්‍රධාන නගර ආශ්‍රිතව මෙම නීතිය ක්‍රියාත්මක කිරීමට පොලිස් මූලස්ථානය තීරණය කර තිබෙනවා.

එහිදී මුලින්ම අද සිට සති දෙකක සහන කාලයක් රියදුරන්ට ලබා දෙනවා. මේ කාලය තුළදී බස්රථ ඇතුලු බරවාහන සඳහා මංතීරු නීතියට අවතීර්ණ වීමට වගේම එය ප්‍රායෝගිකව ක්‍රියාවේ යෙදවීමට හැකියාව තිබෙනවා. මෙම කාලය අවසන් වූ පසු මංතීරු භාවිතයට අදාළ නීතිය අප දැඩිවම ක්‍රියාවේ යෙදවීමට බලාපොරොත්තු වෙනවා.

අප එහිදී සිවිල් ඇඳුමෙන් සැරසුණු පොලිස් නිලධාරීන් යොදවා නිරීක්ෂණය කිරීම, වීඩියෝ දර්ශන ආශ්‍රයෙන් නිරීක්ෂණය කිරීම ආදිය මගින් මෙම නීතිය දැඩිව ක්‍රියාත්මක කරනවා. ඒ අනුව හෙට සිට ඇති සති දෙකක කාලය තුළ මෙම නීතිය ක්‍රියාවේ යෙදවීමට අවශ්‍ය සහාය දෙන ලෙස රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.

Recommended For You

About the Author: Editor