රජයේ විමර්ශන අපක්ෂපාතී නැති බවයි ලෝකයට පේන්නේ – මහාචාර්ය G. L පිරීස්

රිෂාඞ් බදුර්දීන් ඇමැතිවරයා සම්බන්ධයෙන් රජය විසින් සිදුකරන පරීක්ෂණ අපක්ෂපාතී නැති බව ලෝකයට පෙනෙන බව ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසනාව. ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ අද පැවැති මාධ්‍ය හමුවේදී පීරිස් මහතා මේ බව සඳහන් කළා. එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා මෙසේ ද ප‍්‍රකාශ කළා.

රිසාඞ් බදියුදීන්ට එරෙහි විශ්වාසභංගය තව මාසයකින් විවාදයට ගැනීමෙන් ඵලක් නැහැ. හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතා ප්‍රකාශයක් කරමින් මේ සම්බ්නධයෙන් වගකීම තිබෙන්නේ කරූ ජයසුරිය මහතාට බව සදහන් කරලා තියෙනවා. මම අස්වෙන්නේ මොකටද. මාධ්‍ය මාෆියාවෙන් මාව වැරදිකරුවෙක් කරලා තියෙන්නේ කියලා රිෂාඞ් බදුයුදීන් කියනවා. ඒ කියන්නේ මාධ්‍ය මාෆියාවෙන් තමයි එතුමාට මඩ ගහලා එතුමාව වැරුදිකරුකරලා තියෙන්නේ. කිසිම හේතුවක් නැතිව දිගින් දිගටම රිෂාඞ් බදියුදීන් ඇමැතිවරයාව බ්ලැක් ලිස්ට් කරලා කියලා නවීන් දිසානායක ඇමැතිවරයා කියනවා. 

රිසාඞ් බදියුදීන් අන්වාර්යයෙන්ම ඉල්ලා අස්විය යුතුයි කියන තැනයි අපි ඉන්නේ. ලක්සතොස සහල් ගණුදෙනුව සම්බන්ධයෙන් එතුමාගෙන් පැය ගණන් ප්‍රශ්න කෙරෙනවා. විල්පත්තු වනාන්නතරය ගැන ප්‍රශ්නයක් තියෙනවා. ඥාතින් හා මිත්‍රයන් සම්බ්නධයෙන් චෝදනා තියෙනවා. එතුමාගේ වත්කම් සම්බන්ධයෙන් ගැටලු තියෙනවා. ඒ වගේම එතුමාගේ අමාත්‍යංශයේ රහස් කාමරයක් සම්බන්ධයෙන් කියැවෙනවා.

අපි ඒ සියල්ල අමතක කරලා එක් කරුණකට පමණක් අවධානය යොමු කරමු. හමුදාපතිවරයා කියනවා රිෂාඞ් බදුයිදින් ඇමැතිවරයා තමන්ට තුන්වතාවක් ඇමතුම් දුන්න බව. ප්‍රථම ඇමැතුමේදී හමුදාපතිවරයා හොයලා බලන්නම් කියනවා. දෙවන වතාවටත් ඇමතුමක් දුන්නාම යුද හමුදාපති කියන්නේ තවම ඒ සම්බන්ධයෙන් මොකුත් කලේ නැහැ කියලයි. තුන්වැනි වතාවටත් යුද හමුදාපතිට කතාකරනවා. ඒ අවස්ථාවේදී එතුමා කියනවා තව අවුරුදු එකහමාරකින් ඒ සම්බන්ධයෙන් කතා කරන්න කියනවා.

මේක බරපතල කරුණක්. සැහැල්ලුවට සලකන්න බැහැ. මේ සම්බන්ධයෙන් කටයුතු කරන්න හදිසි නිති රෙගුලාසි අවශ්‍ය නැහැ. දණ්ඩ නිති සංග්‍රහයේ වගන්ති පමණක් ප්‍රමාණවත් මේ සම්බන්ධයෙන් පියවරක් ගන්න. මේක හිරේ යන විදියේ වරදක්. යුක්තිය පසදලීමේ ක්‍රියාවලියකට බාධාවක් කිරීම, විමර්ශනයකට මැදිහත් වීම වෙලා තියෙන්නේ. මේක බරපතල වරදක්. අප්‍රියෙල් 21 ඛේදවාචකයට වගකිව යුත්තන් සොයා ගන්න බැරි වෙනවා. රජයේ දෙපාර්තමේන්තු 45ක් විතර මේ ඇමැතිවරයා භාරයේ තියෙනවා. මොහු කතා කරන්නේ යුද හමුදාපතිවරයාටයි. වගකිය යුතු පුද්ගලයින් නිසි පරිදි හදුනා ගැනීමට නොහැකි වෙනවා විතරක් නෙවෙයි. මෙවැනිනක් නැවත සිදුවිම වැළැක්විමටත් නොහැකි වෙනවා. 

රජය විමර්ශන සම්බන්ධයෙන් අපක්ෂපාතී නැති බවක් පේනකොට තත්ත්වය මොකක්ද. තානාපතිවරු කැදවා ලංකාවේ වාතාවරණය සුබදායි බව අගමැතිවරයා කියද්දි මේ විදියට විමර්ශන විකෘති කිරීම මගින් වෙන්නේ මොකක්ද? සමහර විදේශිය සමාගම් කියන්නේ ශ්‍රී ලංකා රජය ආරක්ෂාව සම්බන්ධයෙන් ගන්න පියවර ගැන සෑහිමකට පත්වෙන්න බැහැලු. තමන්ගේ රටවල ආරක්ෂක නිලධාරීන් ගෙනත් මෙහි තියෙන ඔවුන්ගේ දේපල ආරක්ෂා කර ගන්න වෙන බව දැන් කියනවා. ෂැංගිලා, චින වරාය ආරක්ෂා කරන්න චිනයෙනුත්, ඉන්දියානු තෙල් සමාගම් සදහා ඉන්දියාවෙනුත් ආරක්ෂාව ගේන්න හදනවා. 

Recommended For You

About the Author: Editor