නව නීති සම්පාදනය වෙලා විවාහය හා දික්කසාදය පොදු නීතියකට යටත් විය යුතුයි – අනුර ප්‍රියදර්ශන යාපා

ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයෙක්ගේ අධීක්ෂණය යටතේ සිසේරියන් සැත්කම් සිදුවෙන්නේ. ලංකාවේ දැනට සිද්ධ වෙන්නේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා අදාල භූමියේ සිටිනවා නම්, ඔහු අවසර දෙනවා නම්, සුදුසුකම් තිබෙන ජ්‍යේෂ්ඨ වෛද්‍යවරයෙක්ට මේ සිසේරියන් සැත්කම් කිරීමේ හැකියාව තියෙනවා. මේ සම්බන්දයෙන් වෛද්‍ය සභාව නැවත වරක් අවධානය යොමු කළ යුතුයි කියලා අපි හිතනවා”යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන මහතා පැවසීය. ඔහු මේ බව පැවසුවේ අද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා,

ශල්‍ය කර්මයක් කරන අවස්ථාවක අදාල ශල්‍ය කර්මය හැරෙන්න වෙනත් දෙයක් කරන්න අවසර නොලැබෙන විදියේ ක්‍රමවේදයක් සකස් විය යුතුයි. ඒ වගේම සාමාන්‍ය ජනයාගෙන් හෝ රජයේ සේවකයෙක්ගෙන් ශ්‍රී ලංකාවේ වෛද්‍ය සභාවට පැමිණිල්ලක් ලැබුනොත් තමයි ඉදිරි කටයුතු කිරීමේ හැකියාව තියෙන්නේ. වෛද්‍ය සභාවටම යම් වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන් සැකයක් ඇති වුවාහොත් ඉදිරි පියවර ගැනීමට හැකිවන ලෙස බලතල වැඩි විය යුතුයි. ලංකාවේ ළදරු මරණ ඉතාම අඩු රටක්. එසේ තිබුයදිත් මෙවැනි වෛද්‍යවරුන් සිටිනවා කියන්නේ සෞඛ්‍ය සේවයේ කිසියම් ප්‍රශ්නයක් තියෙනවා. 

සෞඛ්‍ය ඇමැතිවරයා කළඹලයෙන් කෝපයෙන් ප්‍රතිචාර දක්වන ආකාරය අපි දැක්කා. මේක එතුමාට කළඹල වෙන්න දෙයක් නෙවෙයි. වෛද්‍යවරයා සම්බන්ධයෙන් කටයුතු කරන ක්‍රමවේද කිහිපයක් තිනෙවා. සැම ආරෝග්‍ය ශාලාවකටම වසර 5ක් තුළ දරු ප්‍රසුතියට පැමිණ අයගේ තොරතුරු අනුව ක්‍රියාකරන්න පුලුවන්. නැත්නම් ඒ මව්වරු වෛද්‍ය පරීක්ෂණයට ලක්කරන්න. නැත්නම් අවුරුදු 5ක් ඇතුළත සැත්කම්වලට භාජනය වුනු මව්වරුන් සම්බන්ධයෙන් අමාත්‍යංශ මට්ටමින් පරීක්ෂණයක් කරන්නත් පුලුවන්. මේක සත්‍ය නම්, ඒ මවුවරුන්ගේ වේදනාව ඉච්ඡා භංගත්වය අපි තේරුම් ගන්න ඕනේ.  එජාපයෙන් ඡන්දය ඉල්ලපු කෙනෙක් කියලා ආණ්ඩුව කෝප වෙන්න අවශ්‍ය නැහැ. වෛද්‍ය සභාවේ නිතිරිති සංශෝධනය කරලා හරි වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් ඉදිරි පියවර ගන්න අවශ්‍යයි. මෙවැනි දෙයක් එංගලන්තයේ වුනා. තමන් හමුවට එන රෝගීන් මරා දැමූවෙක් සම්බන්ධයෙන් ක්‍රියාකරන්න වෛද්‍ය සභාවේ නිති රිති පවා එහිදී වෙනස් කළා. අපරාධයක් කරලා නම් ඒ අපරාධයට දඩුවම් කිරීමට කඩිනම් පරික්ෂණයක් කළ යුතුයි. 

රටේ තිබෙන ගැටලු විසදන්න ජාතික ප්‍රතිපත්තියක් සකස් විය යුතු බව අපි විශවාස කරනවා. එක් පුද්ගලයෙක් කරළියට ගෙන ඒම වෙනුවට මුලුමනින්ම ප්‍රතිපත්ති මත පිහිටා කටයුතු කිරීමෙම්ක්‍රමවේදයක් අවශ්‍යයි. සමහර නිති කල් පැන ගිහින්. ලංකාවේ විවාහ නිතියත් ඒ වගෙයි. මුස්ලිම් විවාහ ආඥා පනත යටතේ අවුරුදු 12ට වැඩි ඔනෑම කෙනෙකුට විවාහ වෙන්න හැකියවා තියෙනවා. කාතිවරයා පත්කරන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාවයි. දික්කසාදයට යද්දි ස්වාමියා බිරිද තනිවම කාතිවරයා ඉදිරියට යන්න ඕනේ. පවුලේ නියෝජනයක් තියෙන්න බැහැ. එවැනි තත්ත්වයන් අපේ රටේ තියෙන්න බැහැ. ලෝකයේ මේ ප්‍රවණතාවයන් වෙනස් වෙලා තියෙන්නේ. නව නීති සම්පාදනය වෙලා විවාහය හා දික්කසාදය පොදු නිතියකට යටත් විය යුතුයි. 

අද පාර්ලිමේන්තුවේ 225ම විවේඡනයට ලක්වෙනවා. සියයට දොළහමාරක්ව තිබුණු සමානුපාතික නියෝජන ක්‍රමය කිසිවෙක්ගෙන් විමසිමක් නොකර 5% දක්වා අඩු කලේ රණසිංහ ප්‍රේමදාස මහතායි. සමානුපාතික නියෝජන ක්‍රම යටතේ කිසියම් පක්ෂයක් හෝ කණ්ඩායමක් තමන්ට මන්ත්‍රීවරයෙක් පත් කරනගන්න නම් 12.5%ක ඡන්ද ප්‍රතිශතයක් තිබිය යුතු වුනා. මේකෙන් වුනේ පාර්ලිමේන්තුව විකෘතියක්විමයි. මේකෙන් කිසිම ආණ්ඩුවකට බහුතරය නිර්මාණය කර ගැනීමේ හැකියාවක් නැති වුනා. සමානුපාතික නියෝජන ක්‍රමය තියෙනවා නම් 12. 5 ගේන්න. නැත්නම් ආසන මට්ටමේ මැතිවරණ ක්‍රමයකට යන්න. එහෙම නොකර පාර්ලිමේන්තුවේ 225 බැනුම් අහන එක නතර කරන්න බැහැ.මේ ක්‍රමය තියෙන කල් පාර්ලිමේන්තුවෙන් ආවත් පිටින් ආවත් අගහරුලෝකයෙන් ගෙනාවාත් දේශපාලනඥයෙක්. මහජනයාට වගකියන ආයතනයක් බවට පත් කරගන්න, බහුතරයක් සහිත රජයක් පත් කරගන්න හැකි වෙන්නේ එහෙම කලොත් විතරයි. 

අපේ රටේ පොදු නිතියට සියලු දෙනා යටත් විය යුතුයි. වෙන්ව යන සංස්කෘතීන් සිටිය යුතු නැහැ. ඒ සදහා අපි පොදු හැගීමකින් ක්‍රියා කළ යුතුයි. සහරාන්ගේ ව්‍යාපාරය ඔස්සේ ලංකාව වහාබ්වාදයටයි ගියේ. ලංකාවේ ආන්ඩුවට යටත් නැති පාසල් අද අමාත්‍යංශයට ගන්න හදනවා. මේවායේ නිතියට විරුද්ධ අංශ සම්පූර්නයෙන් තහනම් විය යුතුයි. 
නිෂ්පාදන ආර්ථිකයකට රට ගෙන යන්න කාර්මික අංශ දියුණු කළ යුතුයි. කෘෂිකර්මාන්තය අපනයන කෘෂිකර්මාන්තයකට ගෙනා යාමත් අපේ වගකීමක්. 

Recommended For You

About the Author: Editor