මාලිංග විවේක සුව විදිද්දී ලංකාව ඔස්ටේ‍්‍රලියාව හමුවේත් පරාජය වෙයි

ලෝක කුසලානයට පෙර ශ‍්‍රී ලංකාව මුහුණ දුන් දෙවැනි පෙරහුරු තරගයෙන් ද කඩුලූ 05ක පරාජයක් ලැබීමට ඊයේ එංගලන්තයේ සවුත්හැම්ටන්හිදී ශ‍්‍රී ලංකා කණ්ඩායමට සිදු වුණා.

කාසියේ වාසිය දිනා පළමුවෙන්ම පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම තම පන්දුවාර 50 තුළ දී කඩුළු 08කට ලකුණු 239ක් ලබා ගත්තා.

දකුණු අප‍්‍රිකාව සහ ස්කොට්ලන්තය සමග පැවැති තරගවලදී පිත්තෙන් දස්කම් දැක්වූ නායක දිනේෂ් චන්දිමාල්ට මෙහිදී ලබාගත හැකි වුණේ ලකුණු 16ක් පමණයි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යම් පමණකට සාර්ථක වුණේ ලකුණු 56ක් ලබාගත් ළහිර තිරිමාන්න පමණයි. කුසල් පෙරේරා ලකුණු 12ක්, කුසල් මෙන්ඩිස් ලකුණු 24ක්, ඇන්ජිලෝ මැතිව්ස් ලකුණු 17ක්, ජීවන් මෙන්ඩිස් ලකුණු 21ක්, ධනංජය සිල්වා ලකුණු 43ක්, තිසර පෙරේරා ලකුණු 27ක්, සුරංග ලක්මාල් නොදැවී ලකුණු 07ක් සහ මිලින්ද සිර්වර්ධන නොදැවී ලකුණු 04ක් ලබා ගත්තා.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව සාර්ථක පන්දු යැවීමක නිරත වූ ‘‘ඇඩම් සැම්පා ලකුණු 39කට කඩුළු 02ක් ලබා ගත්තා.

ලකුණු 240ක පහසු ඉලක්කයක් වෙනුවෙන් පිටියට පිවිසි ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම පන්දුවාර 44.5කදී ජයග‍්‍රාහී ලකුණ වාර්තා කළා. ඔස්ටේ‍්‍රලියාව වෙනුවෙන් දක්ෂ පිතිහරඹයක නිරත වූ උස්මන් කවාජා ලකුණු 89ක් ලබා ගත්තා.

මෙම තරගය සඳහා ලසිත් මාලිංග ක‍්‍රීඩා කරනු ඇතැයි වාර්තා පළ වුණ ද ඊයේ පැවැති තරගයේදී විවේක සුවයෙන් පසු වුණා.

Recommended For You

About the Author: Editor