සාෆි විමර්ශන විද්වත් කමිටුව කුරුණෑගල යයි

තහවුරු කළ නොහැකි වත්කම් උපයා ගැනීම පිළිබඳ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින සහ සිංහල කාන්තාවන් 4000ක් වඳභාවයට පත් කළ බවට චෝදනා එල්ල වී ඇති කුරුණෑගල ශික්ෂණ රෝහලේ ජ්‍යේෂ්ඨ වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි මහතා පිළිබඳව විමර්ශනය කිරීම සඳහා විද්වත් කමිටු   සාමාජිකයින් අද (28) කුරුණෑගල රෝහල බලා පිටත්ව යාමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම් වසන්තා පෙරේරා මහතා පවසයි.

වසන්තා පෙරේරා මහතා සඳහන් කළේ සාමාජිකයින් 06 දෙනෙකුගෙන් එම විද්වත් කමිටුව සමන්විත බවයි. වෛද්‍ය සෙයිගු සිහාබ්ඩීන් මොහොමඩ් සාෆි පිළිබඳව, මේ වන විට පැමිණිලි‍ 51 කට අධික සංඛ්‍යාවක් ලැබී තිබෙන බව කුරුණෑගල ශික්ෂණ රෝහල් ප‍්‍රකාශකයෙක් අප කුරූණගල වාර්තාකරු සමග ප‍්‍රකාශ කර ඇත.

Recommended For You

About the Author: Editor