මෝදි හෙට අගමැති ධූරයේ දිවුරුම් දෙයි

භාරතීය ජනතා පක්ෂ නායක නරේන්ද්‍ර මෝදි හෙට (30) ඉන්දීය ජනපතිවරයා ඉදිරියේ ඉන්දියාවේ අගමැතිවරයා ලෙස දිව්රුම් දීමට නියමිතයි.

නවදිල්ලි නුවර පිහිටි ඉන්දීය ජනාධිපතිවරයාගේ නිල නිවස වන ‘රාෂ්ට‍්‍රපතිභවන්’’ හිදී හෙට රාත‍්‍රි 07.00 ආරම්භ වන මෙම උත්සවය සඳහා බිම්ස්ටෙක් සමුළුවට අයත් රටවල නායකයින්ට  උත්සවයට ආරාධනා කර තිබෙන අතර මෙම උත්සවයට ආරාධිතයින් 5000 ත් 6000 ත් අතර පිරිසක් සහභාගී වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ ප‍්‍රතිවාදී රාජ්‍ය වන පාකිස්ථාන අගමැති ඉම්රාන් ඛාන්ට මෙම උත්සවය සඳහා ආරාධනා කරනු ඇති බවට පසුගිය දිනවල විවිධ මත පළ වුණත් මෝදි පාකිස්ථානු අගමැතිවරයාට එවැනි ආරාධනයක් නොකළ බව මේ වන විට නිල වශයෙන් තහවුරු වී තිබෙනවා. මේ අතර බංග්ලාදේශ අගමැතිනී ෂෙයික් හසීනා ද මෙම උත්සවය සඳහා සහභාගී නොවන බවයි වාර්තා වන්නේ.

Recommended For You

About the Author: Editor