
ලෝක කුසලාන ක්රිකට් තරඟාවලියට සහභාගි වන ක්රිකට් කණ්ඩායම් වල නායකයින් මුණ ගැසුණ දෙවැනි එළිසබෙත් රැජිණ ඔවුන් වෙත සුබ පැතුම් පිරිණැමීය. මේ අවස්ථාව සඳහා හැරී කුමරු, යූජින් කුමරිය සහ බියට්රස් කුමරිය ද සහභාගි වූවාය.

රැජිණ, ක්රිකට් කණ්ඩායම් නායකයින් සමග ඡායාරූපයකට පෙනී සිටියේ මේ අයුරිණි. මේ අතර ලෝක කුසලාන තරඟාවලිය ආරම්භ කරමින් ඕවල් ක්රීඩාංගනයේ පැවැත්වෙන එංගලන්ත- දකුණු අප්රිකානු ක්රිකට් තරඟය නැරඹීම සඳහා තමන් ද සහභාගි වන බව හැරී කුමරු එම අවස්ථාවේ දී පවසා තිබේ.