වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් අඩු මිලට විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගත්තේ නැහැ – පවිත‍්‍රා වන්නිආරච්චි

වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් ජනතාවට අඩු මිලට විදුලිය ලබා දෙන්න පියවර ගත්තේ නැති බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය චෝදනා කළාය.

අද ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇය මේ චෝදනා කළා. එහිදී වත්මන් විදුලිබල අර්බුදය ගැන වැඩි දුරටත් කරුණු දැක්වූ හිටපු අමාත්‍යවරිය මෙසේද සඳහන් කළාය.

මහින්ද රාජපක්ෂ පාලන සමයේ අපි කිසිදු අවස්ථාවක හදිසි විදුලිය මිලදී ගැනීම් කලේ නැහැ. රටේ විදුලි හිගය ගැනත්, හදිසි විදුලි මිලදි ගැනීම් නිසා පාරිභෝගිකයාටත්, රටටත් වුනු හානිය ගැන සලකා බලා අඩු මිලට විදුලිය නිපදවීමේ බලාගාර නිර්මාණය කලා. රුපියල් 7 පමණ පිරිවැයකින් යුත්  නොරොච්චෝලේ ගල් අගුරු බලාගාරය එයින් ප්‍රධානයි.

විදුලි බල ක්ෂේත්‍රයේ අප ගෙන ගිය ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන ගියා නම් කවදාවත් විදුලිහිගයක් රටේ ඇති වෙන්නේ නැහැ. මේ අකාර්යක්ෂම, රට ගැන නොහිතන වැඩ බැරි වගකීම් විරහිත පාලකයින් අඩු මිලට විදුලිය දෙන්න අවශ්‍ය පියවර ගත්තේ නැහැ. 

මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ අපි පැරණි විදුලි බල පනත වෙනුවට අලුත් විදුලිබල පනත ගෙනාවා. ටෙන්ඩර් කැදවිමකින් තොරව විදුලි බලාගාර ඉදිකරන්න ඒ අනුව බැහැ. ජාතික ව්‍යසනයක් ඇති වුනොත් පමණයි හදිසි මිලදි ගැනීම් කරන්න පුලුවන් වුනේ.

අපේ රජය කාලයේ විදුලි බල නියාමන කොමිෂමක් ඇති කළා. මේවා කළ යුතු වුනේ විදුලි බල කොමිෂමේ නියාමනයට යටත්වයි. දැන් නියාමන කොමිෂමත්, ටෙන්ඩර් කිරීමත් පැත්තට දාලා මෙගා වොට් 400ක් ගන්නවා. රටේ අඩු මිලට විදුලිය ගන්න තියෙන බලාගාර ටිකපද්ධතියට එකතු කරන්නේ නැහැ. ලාභයට විදුලිය ගන්න තිබුණු සාම්පූර් බලාගාරය ඉදිකිරිම් කඩාකප්පල් කරලා. ගාල්ලෙන් විදුලිය ගන්න අපේ සම්පේෂණ පද්ධතිය ශක්තිමත් කරන්න මාස 4ක් වත් යනවා. ඒ කාලයේ ඇයි ටෙන්ඩර් කරලා ගන්නේ නැත්තේ.

මේ ආණ්ඩුව ජනතාව ගැන නොහිතා තමන්ගේ මඩිය තර කර ගැනීම ගැන විතරයි  හිතන්නේ. අපේ රජයක් යටතේ විශේෂ බලතල සහිත කොමිෂමක් පත්කරලා මේවා සම්බන්ධයෙන් සොයා බලනවා.

Recommended For You

About the Author: Editor