පොහොර සහනාධාරය වංචා කළොත් CID යන්න සූදානම් වෙන්න – අමාත්‍ය පි. හැරිසන්

රජය විසින් වාර්ෂිකව රු බිලියන 35කට අධික වියදමක් දරමින් ගොවින් සදහා වි සහ අනෙකුත් බෝග වෙනුවෙන් ලබා දෙන පොහොර සහනාධාරය යටතේ ආනයනය කරනු ලබන රසායනික පොහොර කුට ලෙස පෞද්ගලික සමාගම් වංචා කොට භාණ්ඩ නිශ්පාදනය කරන බවට තමන්ට තොරතුරු ලැබි ඇති බවත් ඒ සදහා නිතිමය පියවර ගැනිමට කටයුතු කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන ,වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පි. හැරිසන් මහතා පවසයි.

අද පොහොර ලේකම් කාරියාලයේ නිළධාරින් සමග පැවති සාකච්ඡාවකදි අමාත්‍යවරයා මේ බව පැවසිය.

එහිදි වැඩිදුර අදහස් දැක්වු අමාත්‍යවරයා සහනාධාර ක‍්‍රමවේදය යටතේ ගොවින්ට යුරියා, ත‍්‍රිත්ව සුපර් පොස්පේට්, මියුරේට් ඔප් පොටැෂ්, සල්පේට් ඔප් ඇමෝනියා, ඩයි ඇමොනියම් පොස්පේට්, කැල්සියම් ඇමෝනියම් නයිට්ටේ‍්‍රට්, සල්පේට් ඔප් පොටෑස්, සින්ක් සල්පේට්, කීසරයිට් සහ කොමර්ෂියල් එප්සම් සෝප්ට් යන පොහොර වර්ග 10ක් පමණ අපි ලබා දෙනවා.

අපි වී සදහා කිලෝ 50ක පොහොර ගොවිජන සෙවා මධ්‍යස්ථාන හරහා රුපියල් 500ක මුදලකට වගේම වී නොවන අනෙකුත් බෝග සදහා වෙලදපලෙන් රුපියල් 1000ක මුදලක් අපි නියමකරලා තියෙනවා. මෙම පොහොර සදහා කිලෝ 50ක් වෙනුවෙන් ඒ ඒ පෙහොර සදහා  රජය රුපියල් 1500 සිට 5000ක මුදලක් දරනවා. සමස්ථ වියදම බිලියන 35ක්. මේ පෙහොර ආනනයනයට රජයේ ලක් පොහොර සමාගමත් කොමර්ෂල් පොහොර සමාගමත් හැරුනු කොට පුද්ගලික සමාගම් 19ක් සදහා රජය ආනයනය සදහා අවසර දීලා තියෙනවා. ඒ වගේම ඒ සමාගමි සදහා ගොවීන් වෙනුවෙන් පමණක් පොහොර ලබා දීමටත් කෘෂිකාර්මික කටයුතකට හැරෙන්න වෙනත් නිෂ්පාදනයකට අලෙවි නොකරන ලෙස නීති පනවා තිබෙනවා.

නමුත් කෘෂිකාර්මික නොවන භාණ්ඩ නිෂ්පාදනයේදී ඇතැමි ප‍්‍රසිද්ධ ආයතන කිහිපයක් රජය විසින් ලබා දෙන පොහොර කූට ලෙස භාවිතා කරනවා කියලා තොරතුරු ලැබිලා තියෙනවා. මේ සමාගම් වලට පොහොර අවශ්‍යතාවයක් තියෙනවානම් සහනාධාර මුදලට නොව ආනයනනික මුදලට නිසි අවසරයක් ඇතිව මිලදී ගන්න පුලුවන්න. මුත් සහනාධාර මිලට සහනාධාර පොහොර කූට ලෙස මිලදී ගන්න මෙම සමාගමි කටයුතු කිරීම කනගාටු දායක කරුනක්.

මම මේ පිළිබදව නීතියෙන් කටයුතු කරන්න පොලිස්පතිතුමා, නීතිපති තුමා දැනුවත් කරන ලෙස අමාත්‍යාංශ ලේකම් තුමන්ට උපදෙස් දුන්නා. මම හිතනවා මේ ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂණයක් ඉල්ලන්න.

අපි දන්නවා රජයේ සහනාධාර යටතේ ගොවි ජනතාවට ලබා දෙන පොහොර අවභාවිතාව  1982 අංක 12 පොදු දේපල පනත යටතේ රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් ලෙස නඩු පැවැරිය හැකි යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදී පැවැසීය.

Recommended For You

About the Author: Editor