පාකිස්ථානය ගිය මග ශ‍්‍රී ලංකාවත් යයි

ලෝක කුසලාන එක්දින තරගාවලියේ ශ‍්‍රී ලංකා කණ්ඩායම මුහුණ දුන් පළමු තරගයෙන්ම ශ‍්‍රී ලංකාව දැඩි අසාර්ථකත්වයට පත් විය.

නවසීලන්තය සමග අද සවස පැවැති තරගයෙන් පළමුවෙන් පන්දුවට පහර දුන් ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 29.2කදී සියලූම දෙනා දැවී ගොස් ලබා ගත්තේ ලකුණු 136/10 පමණකි.

ශ‍්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යම් හෝ තරමක සාර්ථකත්වයක් ලබා ගත්තේ නායක දිමුත් කරුණාරත්න පමණකි. දිමුත් නොදැවී ලකුණු 52ක් රැුස් කළේය. කුසල් පෙරේරා ලකුණු 29ක් ද, තිසර පෙරේරා ලකුණු 27ක් ද රැුස් කළ අතර කුසල් මෙන්ඩිස් සහ ඇන්ජිලෝ මැතිව් ලකුණු නොලබාම (0* දැවී ගියේය.

නවසීලන්තය වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ මැට් හෙන්රි සහ එච්. ෆර්ගසන් කඩුළු 03 බැගින් දවා ගත්තේය.

ඊයේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සහ පාකිස්ථානය අතර පැවැති තරගයෙන් ද පාකිස්ථානය ඉතා අඩු ලකුණු සංඛ්‍යාවකට දැවී ගියේය.

Recommended For You

About the Author: Editor