ඉරානයට එරෙහි සෞදි ඒකාබද්ධ හවුලෙන් මැදපෙරදිග යළි උණුසුම් වේ

ඉරානයට එරෙහිව සෞදි අරාබියේ නායකත්වයෙන් ගොඩනගා ඒකාබද්ධ පෙරමුණ හේතුවෙන් මැදපෙරදිග කලාපයේ දේශපාලන ආතතිය තව දුරටත් වර්ධනය වනු ඇතැයි දේශපාලන විචාරකයින් බිය පළ කරනවා.

පසුගිය දා සෞදි ආරාබිය නිවේදනය කළේ තමන් විසින් ඉරානයට එරෙහිව කලාපීය රටවල් 20ක ඒකාබද්ධ සංධානයක් ගොඩනගා ඇති බවයි.

මේ අතර ගල්ෆ් සහයෝගීතා කවුන්සිලයේ රටවල් 6ක් සහ අරාබි ලීගයේ රටවල් 21 ක් තම රටවල අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් වීමෙන් වළකින ලෙස ඉරානයට නිල වශයෙන් දැනුම් දී ඇති බව විදෙස් වාර්තා සඳහන් කරනවා.

ටෙහෙරානයේ ක්‍රියාකාරකම් පර්සියන් ගල්ෆ් කලාපයේ මුහුදු ආශ්‍රිත ආරක්‍ෂාවට තර්ජනයක් එල්ල වී ඇති බව ද එම රටවල් සදහන් කරනවා.

මෙම චෝදනාවලට ප‍්‍රතිචාර දක්වමින් ඉරානය ද චෝදනා කරන්නේ සෞදි අරාබිය ප්‍රමුඛ රටවල් ඇමෙරිකා සයෝන්වාදී න්‍යාය පත්‍රය වෙනුවෙන් කටයුතු කරනමින් තම රටට දිගින් දිගටම තර්ජනය කරන බවයි.

Recommended For You

About the Author: Editor