පලාලි කඳවුරේ පිපිරීමකින් සෙබළෙක් මරුට: දෙදෙනකුට තුවාල

පලාලි කඳවුරට අයත් වාසවිලාන් ප්‍රදේශයේ නිසැක නොකරන ලද ඉඩමක තිබූ පැරණි පුපුරණ උපකරණයක් (Explosive Device) අනපේක්‍ෂිත ලෙස පිපිරීම හේතුවෙන් සෙනසුරාදා (01) දින සවස 3.30 ට පමණ එක් සෙබලෙකු ජීවිතක්‍ෂයට පත්ව තවත් සෙබළුන් දෙදෙනෙකු තුවාල ලබා ඇත.

මෙම ප්‍රදේශය ශුද්ධ පවිත්‍ර කිරීමට යාමේදී සිදුවූ අත්වැරදීමක් හේතුවෙන් වැළලී තිබුණියැයි සැක කෙරෙන මෙම උපකරණය හදිසියේ පුපුරාගොස් ඇත.

ශ්‍රී ලංකා පොලීසිය සහ යුද්ධ හමුදා පොලීසිය විසින් අදාළ සිදුවීම පිළිබඳ වැඩිදුර පරීක්‍ෂණ සිදුකරනු ලබයි.

ශ්‍රී ලංකාව තුල 97% ක් පමණ මානුෂීය වෙඩි බිම්කෙත් නිසැක කිරීම් කටයුතු සිදුකර ඇති අතර, ප්‍රමුඛතාවය ලබාදී ඇත්තේ යුද්ධයෙන් අවතැන්වූවන් නැවත පදිංචි කරලීම් සඳහා වන අතර, යුද්ධ හමුදා කඳවුරු ආශ්‍රිතව ඇතැම් ප්‍රදේශ තවදුරටත් නිසැක කිරීම් කටයුතු සිදුකිරීම සඳහා ඉතිරිව ඇත.

Recommended For You

About the Author: Editor