පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයන ජනපති කොමිෂමේ අවසන් වාර්තා මේ සතියේ

පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනපතිවරයා විසින් පත් කළ ත‍්‍රිපුද්ගල කමිටුව අදාළ සාක්ෂි විභාග මේ වන විට සම්පූර්ණයෙන් අවසන් කර ඇති බවත් එහි අවසන් වාර්තාව මේ සතියේදී ජනාධිපතිවරයාට ලබාදීමට පියවර ගනු ඇති බවත් වාර්තා වෙනවා.

කොමිෂම හමුවේ දුන් සාක්ෂි විමර්ශනය කරමින් මේ දිනවල අවසන් වාර්තාව සකස් කරමින් තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලය විසින් මීට පෙර ජනාධිපතිවරයා වෙත අතුරු වාර්තා 02ක් ලබා දුන් අතර එම අතුරු වාර්තාවේ ඇතුළත් කරුණු ප‍්‍රසිද්ධියට පත් කරන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කළ ද එය මෙතෙක් ප‍්‍රසිද්ධියට පත් කර නැහැ. 

මෙම ති‍්‍රපුද්ගල පරීක්ෂණ මණ්ඩලයේ සභාපති ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, හිටපු පොලිස්පති එම්. කේ. ඉලංගකෝන් සහ හිටපු අමාත්‍යාංශ ලේකම්වරයෙකු වන  පද්මසිරි ජයමාන්න කටයුතු කරයි


Recommended For You

About the Author: Editor