අගමැතිවරයා රිෂාඞ් බදුර්දීන් ඇමැතිකමින් ඉවත් නොකළහොත් ඒ ගැන පාර්ලිමේන්තුවේ දී තීන්දුවක් ගන්නවා – අතුරලියේ රතන හිමි

‘‘මම ජාතියට ණය නැහැ. ආධ්‍යාත්මික අධිෂ්ඨානයක් ඇති තනි පුද්ගලයකුට සමාජයක් වෙනස් කළ හැකියි යන ආදර්ශය මම අද රටට ලබාදුන්නා’’ යැයි දින හතරක උපවාසය අවසන් කරමින් පාර්ලිමේන්තු මන්ත‍්‍රී අතුරලියේ රතන හිමියෝ පැවසූහ.

”නැගෙනහිර පළාත් ආණ්ඩුකාර එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සහ බස්නාහිර පළාත් ආණ්ඩුකාර අසාත් සාලි මහතා තම තනතුරුවලින් ඉල්ලා අස්වූ බව වාර්තා වුණා. ජනපතිවරයා ඔවුන්ගේ ඉල්ලා අස්වීම පිළිගෙන තිබෙන බව මට දැනුම් දුන්නා. ඒ නිසා මම උපවාසය අවසන් කිරීමට තීරණය කළා’’ යැයි රතන හිමියෝ කීහ.

මෙහිදී ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා ගැන අදහස් පළ කළ රතන හිමියෝ මෙසේ කීහ.

‘‘රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ඉවත් කළ හැක්කේ ජනාධිපතිවරයාට නොවෙයි. එය කළ හැක්කේ අගමැතිවරයාටයි. අගමැතිවරයා එම ක‍්‍රියාමාර්ගය නොගතහොත් පාර්ලිමේන්තු ක‍්‍රියාදාමයක් මගින් ඔහු ඉවත් කිරීමට අපි කටයුතු කරනවා’ යැයි ද පැවසූහ.

Recommended For You

About the Author: Editor