සියලූම මුස්ලිම් මැති ඇමැතිවරු ඉල්ලා අස්වෙති

රට තුළ නැවත සාමය සහ සංහිඳියාව ස්ථාපිත කිරීමේ පියවරක් වශයෙන් මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලූම කැබිනට්, කැබිනට් නොවන, රාජ්‍ය සහ නියෝජ්‍ය ඇමැතිවරුන් වහාම සිය තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළ බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ නායක රාවුෆ් හකීම් මහතා අද සවස ප‍්‍රකාශ කළා.

මුස්ලිම් මැති – ඇමැතිවරුන් අද සවස අරලියගහ මන්දිරයේදී අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා සමග පැවැත් වූ සාකච්ඡුාවකින් පසුවයි මෙම තීරණය ගෙන තිබෙන්නේ.

මෙම රැස්වීමෙන් පසු මාධ්‍ය හමුවේ කරුණු දැක්වූ රාවුෆ් හකීම් මහතා තමන් ගත් තීරණය පිළිබඳව මෙසේ කරුණු පැහැදිලි කළා.

‘‘රජයේ නිලතල දරන මුස්ලිම් ජනතාව නියෝජනය කරන සියලූම මැති ඇමැතිවරුන් ඉල්ලා අස්වීමට තීරණය කර තිබෙනවා. ඉල්ලා අස්වීමට හේතු වුණේ විශේෂයෙන් ම මේ රටේ සාමය, සංහිඳියාව නැවත ස්ථාපිත කරලා රටේ ඇතිවෙලා තිබෙන කලබැගෑනිය අවසන් කිරීමට සහාය ලබාදීමයි. මේවාට තුඩු දෙන නොයෙකුත් බලවේග එල්ල කරන මේ චෝදනා පිළිබඳව හරියාකාරයට පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ඒ පරීක්ෂණයට ඉඩදීම සඳහායි අපි සියලූ දෙනාම තනතුරුවලින් ඉල්ලා අස්වීමට තීරණය කළේ. අපි බලාපොරොත්තු වෙනවා හරියට මාසයක කාලයක් තුළ මේ චෝදනා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට යොමු කරලා මේ චෝදනා පිළිබඳව නිසි පියවරක් ගනියි කියලා. එය කරන්න කියලා අපි ඉල්ලා සිටිනවා.

Recommended For You

About the Author: Editor