එජාපය දේශපාලනික නාට්‍යයක් රඟ දක්වා ආරක්ෂාවේ වගකීම මහජනතාවට පවරන්න උත්සාහ කරනවා – අනුර ප‍්‍රියදර්ශන යාපා

එජාපය දේශපාලනික නාට්‍යයක් රඟ දක්වා ආරක්ෂාවේ වගකීම මහජනතාවට පවරන්න උත්සාහ කරනවා නම් අන්තවාදය හෝ ත්‍රස්තවාදය කවදාවත් නැති කළ නොහැකි බවත් මේ අන්තවාදය බැහැර කරන්නේ කොහොමද කියන දේ ගැන කතිකාවතක් ඇති කළ යුතු බවත් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා සඳහන් කරයි.

අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මේ බව සඳහන් කළේ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප‍්‍රධාන කාර්යාලයේදී අද පැවැති මාධ්‍ය හමුවේදීය.

වැඩි දුරටත් අදහස් දැක්වූ අනුර ප‍්‍රියදර්ශන යාපා මහතා මෙසේද ප‍්‍රකාශ කළේය.

ආරක්ෂාව පිළිබද වගකිම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාට. නිතිය හා සාමය ඇමැතිධූරය වසර ගණනාවක් දැරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ වගකීමෙන් අගමැති ඇතුලු රජයට මිදෙන්නත් බැහැ. අන්තිමට සිද්ධ වුනේ විශාල ප්‍රහාරයක් එල්ල වෙලා ජනතාව අසරණ විමයි. හැම පුද්ගලයාම ජාති ආගම් භේදයකින් පිඩාවට පත්වුණා. සිංහල ජනයා තමන්ව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියන තැනට මානසිකතවය කඩා වැටුණා.  දැන් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අංශවලට නිදහසේ තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට ඉඩ දිමයි.

ආරක්ෂාව පිළිබද වගකිම සම්පූර්ණයෙන්ම පැවරෙන්නේ ජනාධිපතිවරයාට. නිතිය හා සාමය ඇමැතිධූරය වසර ගණනාවක් දැරුවේ එක්සත් ජාතික පක්ෂය නිසා මේ වගකීමෙන් අගමැති ඇතුලු රජයට මිදෙන්නත් බැහැ. අන්තිමට සිද්ධ වුනේ විශාල ප්‍රහාරයක් එල්ල වෙලා ජනතාව අසරණ විමයි. හැම පුද්ගලයාම ජාති ආගම් භේදයකින් පිඩාවට පත්වුණා. සිංහල ජනයා තමන්ව ආරක්ෂා කරන්න කෙනෙක් නැහැ කියන තැනට මානසිකතවය කඩා වැටුණා.  දැන් කළ යුතුව තියෙන්නේ ආරක්ෂක අංශවලට නිදහසේ තමන්ගේ රාජකාරි කටයුතු කිරීමට ඉඩ දිමයි.

ආරක්ෂක අංශවලට බලපැම් ඇති වුනු අවස්ථා ගණනාවක් අපි දැක්කා. කල්පිටියේ පුපුරන ද්‍රව්‍ය හමුවෙද්දි බලපැම් කරලා යම් යම් පිරිස් මුදා ගැනීමට අත්සාහ කරපු බව අපි කවුරුත් දන්නවා. යම් අය අත් අඩංගුවට ගත්තාම හිටපු ඇමැතිවරයෙක් යුද හමුදාපතිවරයාට කතා කරලා තොරතුරු අහපු බවත් අපි දන්නවා. මේ විදියට තොරතුරු ඇසිමත් බලපැමක්. මේ නිසා ජනතාව තුළ කුකුසක් ඇති වුණා. එක පැත්තකින් එජාපය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම පැහැර හැරියා. රජය මෙය සාමාන්‍ය දෙයක් විදියට සැලකුවා. විශ්වාසයක් නැති විදියට වැඩ කළාට පස්සේ රටක් ඇතුලේ අරාජික තත්ත්වයක් ඇති වුනේ.

මේ නායකයෝ දෙන්නාගෙන් කවුරු වුනත් කියන දේ ජනතාව විශ්වාස නොකරන තැනට පත්වුණා. ඒ අනුවයි ආණ්ඩුකාරවරු දෙදෙනෙක් හා ඇමැතිවරයෙක් සම්බන්දයෙන් උපවාසය ඇරඹුනේ. මේ අවස්ථාවේ එජාපය තවත් නාටකයක් රඟ දැක්වුවා. මේකේ තිරපිටපත ලිව්වේ සිරිකොත ඇතුලෙ, නැත්නම් අරලියගහ මන්දිරයේ. අධ්‍යක්ෂණය කලේ අරලිය ගහ මන්දිරය ඇතුලේ. පසුගිය කාලයේ. අවසානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් මගින් නාට්‍යාණුසාරයෙන් එළියට දැම්මෙත් අරලිය ගහ මන්දිරයේදී.

චෝදනා එල්ල වුණු පිරිසක් සිටියදි අනෙක් සියලුම දෙනා අත ඔසවලා එහි වගකිම බාරගන්නවා. සියලු දෙනාටම ඉල්ලා අස්වෙන්නයි කියලා කවුරුවත් කිව්වෙත් නැහැ. එහෙම දෙයක් කවුරුවත් බලාපොරොත්තු වුනෙත් නැහැ. මේකෙන් එජාපය බලාපොරොත්තු වෙන්නේ රටේ ජාතික ආරක්ෂාවත්, ජනතාවගේ අනාගතයත්, ඉදිරියේදී ඔත්තු සේවාවල පැවැත්මටත් දේශපාලනික වශයෙන් ප්‍රශ්නයක් හදන එකයි. දේශපාලනික වහයෙන් සිතීමයි මෙහි ගැටලුව.

අපි රටේ ආරක්ෂාව පැත්තෙන් හිතුවට එක්සත් ජාතික පක්ෂය හිතන්නේ දේශපාලනික පැත්තෙන්. එජාපය දේශපාලනික නාට්‍යයක් රගදක්වලා ආරක්ෂාවේ වගකීම මහජනතාවට පවරන්න උත්සාහ කරනවා නම් අන්තවාදය හෝ ත්‍රස්තවාදය කවදාවත් අපිට නැති කරන්න බැහැ. මේ අන්තවාදය අපි බැහැර කරන්නේ කොහොමද කියන දේ ගැන කතිකාවතක් ඇති කළ යුතුයි.

බෞද්ධාගම නිරහන්කාර ගෞරවාන්විත ආගමක් බව අපි විශ්වාස කරනවා. බුදුන් වහන්සේගේ දේශනාවේ කියන්නේ මෛත්‍රී කරන්නයි. ඒ අනුව අපේ රටේ ප්‍රධාන ආගමත් එක්ක හැදුනු මහා සංස්කෘතිය ඇතුලේ ඕනෑම ආගමක් අදහන කෙනෙකුට සාරණ නිදහසක් තිබෙනවා. ඒ නිදහස ඔවුන් භුක්ති විදිනවා. සහරාන් හෝ වෙනත් කෙනෙකුට අහිංසක මිනිස්සු එල්ල කරගෙන බෝම්බයක් පුපුරවා ගන්න කිසිම සාධකයක් තිබුනේ නැහැ. නොමැති සාධකයක් නිර්මාණය වුනේ කොහොමද කියලා අපි හොයන්න ඕනේ. ඒකට මේ විදියේ නාටකයක් රග දක්වලා හරි යන්නේ නැහැ.

ප්‍රශ්නය නිවැරදිව තේරුම් අරන් නිවැරදිව උත්තරයක් හොයලා අන්තවාදය ඇතිවිම වැලැක්වීමත් සෑම කෙනෙකුට සාධාරණව ජිවත්වීමට පරිසරය සකස් කිරීමයි තමයි සිද්ධ වෙන්න ඕනේ. ඒ තුලයි එක රටක් විදියට වැඩ කරන්න පුලුවන් වෙන්නේ. මේ ආන්ඩුව ප්‍රහ්නය විසදනවාද කියලා ප්‍රශ්නයක් තියෙනවා. ආණ්ඩුව කරන්නේ වැරදිකරපු අය පවා ආරක්ෂා කරමින් ප්‍රශ්නයට නිවැරදි පිළීතුරක් සෙවීමෙන් වැලකී සිටිමයි.

එජාපයට එල්. ටි. ටී. ඊ යුද්ධය අවසන් කිරීමේ සැබෑ උවමානවක් තිබුනේ නැහැ. ඔවුන් ආරක්ෂක අංශ මෙහෙයුම් අවඥාවට ලක්කළා. ත්‍රස්තවාදය පරාජය කළාට පස්සේ ඒක පිළිගන්නවත් ඔවුන්ගේ සූදානමක් නැහැ. පරික්ෂණ කිරීම වෙනුවට තමන්ගෙ පිරිස් එකතු කරගෙන ඇමැතිකම්වලින් අස්කරලා නාටකයක් රඟ දැක්වීම අපේ රටේ දේශපාලනයේ අදුරු වළාකුලක්. දේශපාලකයා  මහජනයාට නායකත්වය දෙන පුද්ගලයෙක් විය යුතුයි. එජාපයේ  කිසිවෙක් එතැන නැහැ. ජනතාව නිවැරදි තත්ත්වය තේරුම් අරන් එක කදවුරක ඉදලා මේ මිථ්‍යෘව, අන්තවාදය, ත්‍රස්තවාදය පරාජය කරලා සාමකාමි රටක් නිර්මාණය කරන්න අවශ්‍යයි. 

Recommended For You

About the Author: Editor