තියුණු සටනකින් එංගලන්තය පරාජය කර පාකිස්ථානය ජය ගනී

ඊයේ උදෑසන වන විට පාකිස්ථාන කණ්ඩායම සිටියේ ප‍්‍රසාද ලකුණු සටහනේ අවසානයට. කොදෙව්වන් හමුවේ මුහුණ දුන් එකම තරගය (ලකුණු 105ක්) පරාජය වූ නිසා ලබා තිබුණේ – 5.802ක්. එංගලන්තය මුහුණ දුන් එකම තරගය ජයග‍්‍රහණය කළ නිසා ප‍්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයේ සිටියේ ප‍්‍රසාද ලකුණු + 2.080ක් ලබා ගෙන.

මේ තත්ත්වය තුළ ඉන්දියාවට නොදෙවෙනි ක‍්‍රිකට් පිස්සන් සිටින පාකිස්ථාන ක‍්‍රීඩා ලෝලීන් පමණක් නොවෙයි මුදල් ගෙවා ටිකට්පත් මිලට ගෙන ක‍්‍රීඩා පිටියට පිවිසි ක‍්‍රීඩා ලෝලීන්, නිවාඩු දාගෙන රූපවාහිනිය අභිසට ඉඳගෙන සිටින ක‍්‍රීඩා ලෝලීන් කණස්සල්ලට පත්වෙලා හිටියේ. ඒ ඔවුන් බලාපොරොත්තු වුණ ප‍්‍රහාරාත්මක පිති හරඹය පාකිස්ථානය වෙතින් ලැබුණේ නැති නිසයි.
මේ තත්ත්වය තුළයි ඊයේ (2) පාකිස්ථාන පිල ‘‘නොටින්හෑම්’’ හිදී සත්කාරක එංගලන්තය මුණ ගැසුණේ.

පළමුවෙන් පන්දුවට පහර දුන්නේ පාකිස්ථානය. ආරම්භක පිතිකරුවන් යුගල වුණේ ‘‘ඉමාම් උල් හක්’’ සහ ‘‘ෆාකර් සමාන්’’. පාකිස්ථානුවන් අපේක්ෂ කළ ආකාරයටම ඔවුන් දෙදෙනා සාර්ථක වුණා. පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 82ක ශක්තිමත් සබඳතාවක් ගොඩනැගුවා.

පළමු කඩුල්ල බිඳි යාමෙන් පසු පිටියට පිවිසිසේ ‘‘බාබර් අසාම්’’ ඔහු පන්දු 66කදී හතරේ පහර හතරක් සහ එක් හයේ පහරක් සමග ලකුණු 63ක් ලබා ගත්තා. මොහොමඞ් හසීෆ් ලකුණු 84ක් ලබා ගත්තා. සෆ්රාස් අහමඞ් ලකුණු 55ක් තමන් ඉදිරියේ සටහන් කළා.

අවසානයේ පාකිස්ථානු ලකුණු සටහන පන්දුවාර 50ට කඩුළු 08ක් දැවී 348ක් වැනි දැැවැන්ත සංඛ්‍යාවක් බවට පත් වුණා.

මේ ලකුණු සංඛ්‍යාව ඕනෑ එක්දින තරගයකදී දැවැන්ත ඉලක්කයක් බවට සැකයක් නැහැ.

ලකුණු 349ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි එංගලන්ත කණ්ඩායම ද නොබියව ඉලක්කය හඹා ගියා. ඒ වෙනුවෙන් ජෝස් බට්ලර් ලකුණු 107ක්, ජේ. රූට් ලකුණු 107ක් වාර්තා කළා. ඒත් අනෙක් සියලූම පිතිකරුවන් අසාර්ථක වීම හරා ඔවුන්ගේ ප‍්‍රහාරාත්මක පිතිකරණය එංගලන්තය ජයග‍්‍රහණය කරා ගෙන යාමට සමත් වුණේ නැහැ.

ඒ අනුව නියමිත පන්දුවාර 50 අවසාන වන විට එංගලන්තය කඩුළු 09ක් දැවී ලකුණු 334ක් ලබා ගෙන සිටියා. ඒ අනුව පාකිස්ථානයට ලකුණු 14ක තියුණු ජයග‍්‍රහණයකට හිමිකම් කියන්න අවස්ථාව ලැබුණා.

මේ තරගය එංගලන්ත කණ්ඩායමට වේදනාත්මක එකක් වුවත් ක‍්‍රීඩා පිටියට රැුස්ව සිටි දහස් සංඛ්‍යාත ක‍්‍රීඩා ලෝලීන්ට නම් අමතක නොවන තරගයක් වුණා. ඒ ලකුණු 700ක් ඉක්මවා යන තරග දකින්නට ලැබෙන්නේ හිදහිට නිසයි.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor