බි‍්‍රතාන්‍යයට පැමිණි ඩොනල්ඞ් ට‍්‍රම්ප්ට දැඩි විරෝධතා

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් හා ජනපති ආර්යා මෙලානියා ට්‍රම්ප් තෙදින නිල සංචාරයක් සදහා ඊයේ (2) බ්‍රිතාන්‍යයට පැමිණියා

බ්‍රිතාන්‍යයේ ස්ටැන්ස්ටඩ් ගුවන්තොටුපළට පැමිණි ට‍්‍රම්ප් යුවල බි‍්‍රතාන්‍ය විදේශ ලේකම් ජෙරමි හන්ට් සහ බ්‍රිතාන්‍යයේ ඇමෙරිකා තානාපති වුඩී ජොන්සන් විසින් උණුසුම් අයුරින් පිළිගත්තා.

මෙම සංචාරයේදී ට්‍රම්ප් බ්‍රිතාන්‍යයේ දෙවන එලිසබත් රැජිණ ඇතුළු රාජකීය පවුලේ සාමාජිකයන් කිහිප දෙනෙකුම හමුවීමට නියමිත බවයි ධවල මන්දිරය වාර්තා කළේ. ඒ අතර දේශගුණ විපර්යාස මෙන්ම අග්‍රාමාත්‍ය තෙරේසා මේ ගේ ඉවත්වීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ද ට‍්‍රම්ප් බලාපොරොත්තු වන බවයි වාර්තා වන්නේ.

ඩොනල්ඩ් ට්‍රම්ප් බි‍්‍රතාන්‍ය අග්‍රාමාත්‍ය තේරේසා මේ සමඟ අද (04) සාකච්ඡාවකට එක්විමට නියමිත තිබෙනවා.

මේ අතර ඇමෙරිකා ජනාධිපතිවරයාගේ සංචාරයට විරෝධය දක්වමින් බ්‍රිතාන්‍යයේ ලන්ඩන්, මැන්චෙස්ටර්, බර්මින්හැම් සහ නොටින්හැම් නගරවල විරෝධතා පැවැත් වුණා. ඒ සදහා විශාල පිරිසක් එක්ව සිටින බි‍්‍රතාන්‍ය මාධ්‍ය වාර්තා කළා.

ට‍්‍රම්ප් යුවළ ඊයේ බි‍්‍රතාන්‍ය මහ රැජිණ විසින් බකින්හැම් මාළිගයේදී පැවැත් වූ රාත්‍රී භෝජන සංග්‍රහය සදහා සහභාගී වුණා.

ට‍්‍රම්ප් එහිදී සදහන් කළේ ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය ලෝකයේ සුරක්ෂිතතාව සහ සශ්‍රීකත්වය වෙනුවෙන් කටයුතු කළ රාජ්‍යයන් දෙකක් බවයි.

එම රාත්‍රී භෝජන සංග්‍රහය සදහා චාල්ස් කුමරු, විලියම් කුමරු සහ කේට් කුමරිය ඇතුළු රාජකීය පවුලේ කිහිප දෙනෙකුම සහභාගී වී සිටියා.

ට‍්‍රම්ප් බි‍්‍රතාන්‍ය සංචාරයෙන් අනතුරුව දෙවන ලෝක යුද්ධයේ නෝමැන්ඩ් මෙහෙයුමේ 75 වන සැමරුම් උත්සවය සදහා ප්‍රංශය බලා පිටත්ව යන බව ධවල මන්දිරය පැවසුවා.

Recommended For You

About the Author: Editor