KTM Duke 125 මෝටර් සයිකලය මෙරටට හඳුන්වා දෙයි

මෙරට මෝටර් සයිකල් ලෝලීන්ගේ තවත් එක් සිහිනයක් සැබෑ කරමින් KTM Duke 125 මෝටර්සයිකලය පසුගියදා මෙරට වෙළෙඳ පොළට හඳුන්වාදීමට ඩේවිඩ් පීරිස් මොට්ර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඩ් කටයුතු කළේය. මෙම මෝටර් සයිකලය එළිදැක්වීම බත්තරමුල්ලේ සහ යාපනයේ පිහිටි ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයවිට්) ලමිටඩ්හි KTM ප්‍රදර්ශනාගාරවලදී මෙන්ම මාතර, කාත්තන්කුඩි සහ අක්කරේපත්තුවේ පිහිටි KTM ඩීලර් ප්‍රදර්ශනාගාරවලදී සිදු කෙරුණි.

KTM Duke 125 මෝටර් සයිකලය මෙරටට හඳුන්වාදීමත් සමඟ මෙරට වෙළෙඳ පොළේ KTM මෝටර් සයිකල් මාදිළි 06ක් මිලදී ගැනීමේ හැකියාව මෙරට පාරිභෝගිකයන්ට ඇත. එම මාදිළි නම් KTM Duke 125, Duke 200, RC 200, Duke 250, Duke 390 සහ RC 390 යන මෝටර් සයිකල් වේ.

නවතම KTM Duke 125 මෝටර් සයිකලය හඳුන්වාදීමේ අවස්ථාව අමතමින් ඩේවිඩ් පීරිස් මෝටර් කම්පැනි (ප්‍රයිවට්) ලිමිටඞ්හි අංශ භාර කළමනාකරු (වාහන විකුණුම්) ලක්මාල් ද සිල්වා මහතා පැවසුවේ මෙය 4 – ස්ට්‍රෝක්, ලික්විඩ් කූල් සහ ෆුවල් ඉන්ජෙක්සන් එන්ජිමක් සහිත 125 කාණ්ඩයේ පළමු ක්‍රියාකාරකම් පදනම් වූ මෝටර් සයකිලය වන බවයි.

KTM Duke 125 මෝටර් සයිකලය 124.7 ක්‍ක්‍ තනි සිලින්ඩර්, ලික්විඩ කූල් එන්ජිමකින් සමන්විත වන අතර එය 8000 rpm අගයකදී 15PS බලයක් සහ 12Nmකැරකුම් බලයක් ලබා දෙයි.

Recommended For You

About the Author: Editor