මෝදි 09 වැනිදා ලංකාවට: රැඳී සිටින්නේ පැය 4යි

ඉන්දීය අග‍්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ලබන 09 වැනිදා ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන බව ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කරයි.

ඉන්දීය අගමැතිවරයා පෙ.ව 11.30ට කටුනායක ගුවන්තොටුපළට පැමිණීමට නියමිත අතර ප.ව 12.30ට ජනාධිපති ලේකම් කාර්යාලය අසල ආචාර පෙළපාළිය පිළිගැනීමට නියමිතය.

ඊට පසු ජනපතිවරයා සහ අගමැතිවරයා අතර නිල සාකච්ඡවලින් පසු ප.ව 03.30ට ඉන්දීය අගමැතිවරයා ශ‍්‍රී ලංකාවෙන් පිටත්ව යාමට නියමිත බව ද වාර්තාවේ.

Recommended For You

About the Author: Editor