විදේශ සේවා නිලධාරීන්ගේ තානාපති ප්‍රතිශතය 55% දක්වා ඉහළට

රටේ ආරක්ෂක තත්ත්වය ගැන විදේශයන්හි ඇති සැකය ඉවත් කිරීමට සහ විදෙස් රටවල සංචාරක උපදෙස් ඉවත් කර ගැනීමට කටයුතු කරන ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා විදේශ සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ලැබූ විදේශ සේවකයින් 17 දෙනා අමතමින් ඉල්ලා සිටියේය.

අද (6) දින ජනාධිපති කාර්යාලයේ පැවති විදේශ සේවා අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ නව පත්වීම් ප‍්‍රදානයේ කිරීමේ උත්සවයේදී ජනපතිවරයා මෙම ඉල්ලීම කළේය.

මෙහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ, පසුගිය විදේශ සේවා කාණ්ඩ දෙකේම සෑම නිලධාරියෙක්ම තමන් විසින් තානාපතිවරුන් සහ මහ කොමසාරිස්වරුන් ලෙස ශ්‍රී ලංකාවේ විදේශ සේවයට පත් කරන ලද අතර මෙම පත්වීම් සමඟ ශ්‍රී ලංකා විදේශ සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව 35‍% සිට 55‍% දක්වා ඉහළ ගොස් ඇති බවයි. එමෙන්ම මෙම නව පත්වීම් ලබා දීමත් සමඟ ශ්‍රී ලංකා තානාපති කාර්යාලවල සහ මහ කොමසාරිස් කාර්යාලවල විදේශ සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව 28 සිට 52 දක්වා ඉහළ ඉහළ යනු ඇති බවත් මීට පෙරදී 60‍්‍% ක් පිරිස දේශපාලන පත්වීම් වුනු අතර සියයට 40‍්‍% ක් පමණක් ශ්‍රී ලංකා විදේශ නිලධාරීන් වී තිබූ බවත්ය.

ඒ අනුව බ්‍රසීලිය, තුර්කිය, ඕමානය, බහරේන් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඊශ්‍රාලය, පිලිපීනය, තායිලන්තය, ඉන්දුනීසියාව, නෙදර්ලන්තය, සිංගප්පූරුව, ඔස්ට්‍රියාව, වොෂිංටනය සහ නිව්යෝර්ක්හි එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත කාර්යාලය සඳහා ශ්‍රී ලංකාවේ නියෝජිතයින් නව පත්වීම් ලබා ගත්හ.

නව තානාපතිවරුන් ලෙස පත් වූ පිරිසගේ නාම ලේඛනය පාර්ලිමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් ඇතුළත් කමිටුවකින් යෝජනා වූ නම් වන අතර ඔවුන්ගෙන් ලද අනුමැතිය මත පත්වීම් ලබා දී තිබේ.

Recommended For You

About the Author: Editor