මේ මිනී පෙට්ටියක්වත් හදා ගන්න තැනක් නැති කරන තීන්දුවක් – මහින්ද රාජපක්ෂ

වඩුමඩු සහ ලී මොල් සඳහා අලූතින් බලපත‍්‍ර නිකුත් නොකරන බවත් වඩුමඩු හිමියන්ට වසර පහක් තුළ වෙනත් රැුකියා සොයා ගන්නා ලෙස තමා දැනුම් දෙන බවටත් ජනපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ඊයේ කළ ප‍්‍රකාශය ගැන යළි සලකා බලන ලෙස විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ජනපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි. හිටපු ජනපතිවරයා ප‍්‍රකාශ කළේ එසේ වුවහොත් මිනී පෙට්ටියක්වත් සදා ගැනීමට තැනක් නැති වන බවයි.

අද පෙරවරුවේ පාර්ලිමේන්තුවේ පැවැති මාධය හමුවකදී විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළේය.

‘‘අපේ ආණ්ඩුව යටතේ අපි වඩු කර්මාන්තයට සහන දුන්නා. ලී මෝල් හා වඩු මඩු තහනම් කිරීමට ගත් ක්‍රියාමාර්ගය නැවත සලකා බලන්න කියලා මම ජනපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා. මෙහෙම කළොත් දහස් ගණනකගේ රැකියා අහිමිවේවි. මිනිස්සුන්ට මිනීපෙට්ටියක්වත් හදාගන්න බැරිවේවි’’යැයි විපක්ෂ නායකවරයා කීවේය.

වන වගාවන් ඇති කළ යුතු බවත් මලයසියාව දැව කර්මාන්තයෙන් විශාල විදේශ විනිමය ප‍්‍රමාණයක් උපයා ගන්නා බවත් මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේය.

මේ අතර ජනපතිවරයාගේ මෙම තීන්දුවට විරෝධය පා අද මොරටුව ප‍්‍රදේශයේ දැවැන්ත උද්ඝෝෂණයක් ද සංවිධානය කර තිබුණේය.

ජනපතිවරයා මෙම තීරණය සම්බන්ධයෙන් අදහස් පොල්වතු හිමියන් පවසන්නේ චේන්ෂෝ තහනම් කිරීමට ගත් පියවර සමග තම වතුවල අකුණු වැඳීම ආදිය නිසා හානියට පත් පොල් ගස් ඉවත් කිරීමේදී දැඩි ගැටලූකාරී තත්ත්වයක් මතු වී ඇති බවයි. මේ නිසා අනවශ්‍ය ලෙස කාලය සහ කම්කරු වැටුප් සඳහා වියදමක් දැරීමට ිසිදුවන බව ද ඔවුහු සඳහන් කරති.

මේ අතර ලංකාවේ දැව අවශ්‍යතා සඳහා ලී ආනයනය කිරීම පිළිබඳ අදහස් දක්වන ආර්ථික විශේෂඥයින් කියන්නේ ඉදිකිරීම් සහ ගෘහ භාණ්ඩ සඳහා දැනටමත් විශාල වශයෙන් දැව ආනයනය කරන බවත් ඒ සඳහා සැලකිය යුතු විදේශ විනිමය ප‍්‍රමාණයක් වාර්ෂිකව විදේශයන් කරා ඇදී යන බවයි. ලංකාවේ සම්පූර්ණ දැව අවශ්‍යතා ආනයනය මගින් සපුරා ගැනීමට යම් පියවරක් ගතහොත් එය ආර්ථික සහ සමාජයීය වශයෙන් දැවැන්ත හානියක් නිර්මාණය කරනු ඇති බව ද ඔවුහු සඳහන් කරති.

Recommended For You

About the Author: Editor