වේවැල් කූඬේ රැගෙන කඬේ යන පරිසරවාදී ජනපති

‘‘ප්ලාස්ටික් සහ පොලිතින් තහනම’’ ලංකාවේ නම් පාලකයින්ගේ හුදු ප‍්‍රදර්ශනකාමී ක‍්‍රියාවන් පමණයි. ඒ නීතිය තිබෙන්නේ පොතේ පමණයි. දේශපාලනඥයින් ගිරවුන් සේ කියන වචනවල කිසිම අරුතක් හෝ වගවීමක් නැති නිසා දැන් දැන් ජනතාවත් ඒ නීති ගැන වගේ වගක් නැහැ.

ඒත් ලෝකේ බොහෝ රටවල් ලංකාව වගේ නැහැ. ගිරාපෝතක පාලකයින් වෙනුවට ඒ රටවල ඉන්නේ ‘‘කිව්ව දේ කරන – කරන දේ කියන’’ වගකීම වගේම වගවීමත් ඇති පාලකයින්.

‘‘ටැන්සානීයාව’’ ගැන ලංකාවේ අපිට එතරම් මතකයක් නැහැ. අදාළත් නැහැ. ඒත් ටැන්සානීයාව කියන්නේ මේ ලෝකෙට අපූරු පාලකයෙක් බිහිකළ රටක්. ඒ ‘‘ජුලියස් නියරේ’’

කොහොම වුණත් ටැන්සානීයාවේ වත්මන් පාලකයා, ටැන්සානියානු ජනාධිපති ජෝන් මගුෆුලි. ඔහු පොලිතින් තහනමට නාමිකව නෙමෙයි අවංකව, වගවීමක් ඇතිව පෙනී සිටින නායකයෙක්. උපදෙස් දෙන කතා පෙට්ටියකින් එහාට ගිය නායකයෙක්.

ටැන්සානීයාවත් මීට කලකට පෙර ප්ලාස්ටික් තහනම් කළා. ඒ විතරක් නෙමෙයි එම නීතිය කඩකරන්නවුන්ට දැඩි දඩයකුත් නියම කළා. ප්ලාස්ටික් බෑග් භාවිතා කළහොත් ඩොලර් 87 ක දඩයක් හෝ දින හතක සිර දඬුවම් ලැබෙන ආකාරයට නීති දැම්මා. ඊට අමතරව ප්ලාස්ටික් බෑග් නිෂ්පාදනය කළහොත් ඩොල්ර් 430.000 හෝ වසර දෙකක් දක්වා සිර දඬුවම් නියම කළා.

මේ අතර පසුගිය දා ටැන්සානීයානුවන් අපූරු අත්දැකීමකට මුහුණ දුන්නා. ටැන්සානියානු ජනාධිපති ජෝන් මගුෆුලි වේවැල් කූඩයක් රැගෙන මාළු වෙළෙඳපොල වෙත පැමිණියා. කූඩයක් ගෙන ජනාධිපතිවරයා වැනි පුද්ගලයකු වෙළෙඳ පොලට පැමිණීම ටැන්සානියාවේ අසාමාන්‍ය සිදුවීමක් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

ජනපතිවරයා ප්ලාස්ටික් තහනමට සහාය පළ කරමිනුයි මේ ආකාරයෙන් පැමිණියේ. රටක අවශ්‍ය නම් මෙන්න පාලකයෝ,

Recommended For You

About the Author: Editor