ඉන්දියාවට – නේපාලයට සහ ඔස්ටේ‍්‍රලියාවට ස්වභාවික ආපදාවලින් දැඩි බලපෑම්

ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයට ඇදහැලෙන අධික වර්ෂාවත් සමඟ ඇතිවූ අකුණු අනතුරු හේතුවෙන් පුද්ගලයින් 26 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. තවත් 57 දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගතකර තිබෙන බවත් ගස් කඩාවැටීම් මෙන්ම නිවාස හානිද සිදුව ඇති බවයි ඉන්දීය මාධ්‍ය පවසන්නේ.

මෝසම් වර්ෂා ඍතුව ආරම්භ වීම සමග නිර්මාණය වූ මෙම අයහපත් කාලගුණ තත්ත්වය තවත් දින කිහිපයක් පවතිනු ඇති බව ඉන්දීය කාලගුණ අංශ සඳහන් කරනවා.

නේපාලයට සුළි සුළං

උත්තර ප‍්‍රදේශ් ප‍්‍රාන්තය මේ ආකාරයෙන් අධික වර්ෂාවෙන් පීඩා විදිද්දී අසල්වැසි නේපාලය ද දැඩි සුළි කුනාටු තත්ත්වයකින් පීඩාවට පත්ව සිටින බව නේපාල මාධ්‍ය වාර්තා කරනවා.

මෙම සුළි කුණාටුව හේතුවෙන් නේපාලයේ කයිලාලි සහ කාන්චන්පුර් දිස්ති‍්‍රක් වලට දැඩි බලපැම් එල්ලවි තිබෙන බවයි නේපාල මාධ්‍ය වාර්තා කරන්නේ.

කයිලාලි දිස්ති‍්‍රක්කයේ පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්චන්පූර් දිස්ති‍්‍රක්කයේ පුද්ගලයින් 23 දෙනෙකු තුවාල ලබා ඇති අතර ගස් කඩා වැටීමෙන් ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටි ඇති බවත් නේපාල මාධ්‍ය වැඩි දුරටත් සඳහන් කරනවා.

සිඞ්නි නුවර මීදුමෙන් වැසී යයි

අපේ අසල්වැසියන් මේ ආකාරයෙන් පීඩාවට පත්ව සිටිද්දී ශ‍්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ජීවත් වන ඔස්ටේ‍්‍රලියාවේ ‘‘සිඞ්නි’’ නුවර දැඩි මීදුම් පටලයකින් වැසී ගොස් තිබෙන අතර ඉන් ජන ජීවිතයට දැඩි බලපෑම් එල්ලවී තිබෙනවා.

ඔස්ටේ‍්‍රලියානු මාධ්‍ය වාර්තා කරන්නේ අධික මීදුම හේතුවෙන් සිඩ්නි ජාත්‍යන්තර ගුවන් තොටුපලේ සියලු ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට එරට බලධාරීන් කටයුතුකර තිබෙන බවත් නගරයේ ගමනාගමනයට ද බාධා එල්ලවී ඇති බවයි.

Recommended For You

About the Author: Editor