ජෙසන් රෝයි ශතකයේ සතුට විනිසුරු සමග සමරයි

සත්කාරක එංගලන්ත කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගය අද (8) ලංකාවේ වේලාවෙන් ප.ව 03.00ට ආරම්භ වුණා. පළමුවෙන් පන්දුවට පහර දුන් එංගලන්ත කණ්ඩායමේ ජෙසන් රෝයි ශතකයක් වර්තා කිරීමට සමත් වීම කාගෙන් සතුටට හේතු වූ කරුණක් වුණා.

දීර්ඝ ඉනිමක් ක‍්‍රීඩා කරමින් සිටි රෝයි එක් අවස්ථාවක විනිසුරු ‘‘ජෝයි විල්සන්ගේ’’ ඇෙඟ් හැපුණා. ඒ හැපීම කොතරම් දරුණු ද කිවහොත් විනිසුරුවරයා මොහොතකින් බිම ඇඳවැටුණා. ඊට පස්සේ රෝයි සහ තවත් බංග්ලාදේශ ක‍්‍රිඩකයෙන් විනිසුරු ජෝයිව ඔසවා තැබුවා. බිම වැටුණු විනිසුරුවරයාට කිසිම හානියක් සිදු වුණේ නැහැ.

මේ අතර රෝයි ශතකයක් වාර්තා කළා. ඒ සමග විනිසුරුවරයා වෙත දිව ගිය රෝයි ඔහුව සිප ගනිමින් තම සතුටට සමරනු අයුරු ක‍්‍රීඩා ලෝලීන්ට සොඳුරු දසුනක් වුණා.

අවසානයේදී විශිෂ්ඨ ඉනිමක් ක‍්‍රීඩා කළ ජෙසන් රෝයි ලකුණු 153 කට දැවී ගියා. ඒ සමග අතර ඔහු විසින් ලෝක කුසලානයකදී එංගලන්ත පිතිකරුවෙකු රැස් කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාව පිළිබඳ වාර්තාවටත් හිමිකම් කීවා.

Recommended For You

About the Author: Editor