නොබෙල් ත්‍යාගයට නිර්දේශ වූ පුංචි විප්ලවකාරිය – ගේ‍්‍රටා

දේශගුණික හා කාලගුණික විපර්යාස වෙනුවෙන් හඬ අවධි කළ පාසල් සිසුවියක් සම්බන්ධයෙන් කතා බහට ලක් වුණා. ඇය නමින් ගේ‍්‍රටා තුන්බර්ග්. නොබෙල් ත්‍යාගයට නිර්දේශ වුණු ලොව ලාබාලතම පුද්ගලයා ඇයයි. ඇය සිය විප්ලවය පිළිබඳව විදෙස් මාධ්‍යට අදහස් දැක්වූවා. මේ ඒ පිළිබඳ සංක්ෂිප්තයයි.

ගේ‍්‍රටා තුන්බර්ග්, මාර්තු 15 එංගලන්ත දිනපොතට විප්ලවීය දිනයක් එකතු කළේ ඔබ නේද ?

ඔව් ඇත්තටම මම තමයි. දේශගුණික අර්බුද වෙනුවෙන් මම උද්ඝෝෂණයක් කළා. මේ වගේ ප‍්‍රශ්නයක් වෙනුවෙන් කිසිම කෙනෙක් කිසිම දෙයක් කරන්නෙත් නෑ. ගණනකටවත් ගන්නෙත් නෑ. ඉතින් මම හිතුවා මට මේ දේ වෙනුවෙන් මොකක්ද කරන්න පුළුවන් කියලා. ඒ නිසා තමයි උද්ඝෝෂණයක් සංවිධානය කළේ.

ඔබ කොහොමද මේ උද්ඝෝෂණයට මූල් පියවර තැබුවේ ?

මම පළමු පියවර විදිහට පන්ති වර්ජනය කරන්න පටන් ගත්තා. කාලගුණ හා දේශගුණ විපර්යාසයන් වෙනුවෙන් ලෝකය බේරා ගන්න ඉදිරියට එන ලෙස අනෙකුත් සිසුන්ටත් ආරාධනා කළා. ඔවුනුත් මාත් සම`ග එකතු වුණා. ”රෙසා්හ දෙර මෙඑමරු ” ව්‍යාපාරය යටතේ තමයි මම පන්ති වර්ජනය සංවිධානය කළේ.

පන්ති වර්ජනය කරනවාට ඔබගේ දෙමව්පියන් කැමති වුණා ද ?

මුලින්ම නම් දෙමව්පියෝ මෙයට එකග වුණේ නැහැ. එයාලටත් පන්ති වර්ජනය කරන එක ප‍්‍රශ්නයක් වුණා. නමුත් කාලයත් එක්ක එයාලා මාව තේරුම් ගත්තා.

මෙවැනි උද්ඝෝෂණයක් තුළින් ඔබ බලාපොරොත්තු වෙන්නෙ කුමක් ද ?

මම මේ දේ කළේ මාධ්‍යයේ අවධානය දිනාගැනීමට. එවිට මාධ්‍යවේදීන් දේශගුණික හා කාලගුණික විපර්යාසයන් පිළිබඳව මාධ්‍යයට ලියනවා එතකොට මේ අර්බුධය පිළිබඳව මිනිසුන්ගෙ ඇස් ඇරෙනවා. ඒ අයටත් දේශගුණික අර්බුධ වෙනුවෙන් මොකක් හරි දෙයක් කරන්න ඕනෙ කියලා හිතෙනවා.

ස්විඩනයේ පාර්ලිමේන්තුව අසල ඔබට උද්ඝෝෂණ කරන්න අවසර ලැබුණ ද ?

මට පොලිස් නිලධාරීන්ගෙන් බලපෑම් එල්ල වුණා. ඔවුන් ප‍්‍රකාශ කළේ මේ ස්ථානයේ උද්ඝෝෂණ කිරීමට අවසර දෙන්න බෑ කියලා. මම කිව්වා උද්ඝෝෂණ කරන්න දෙන්න බැරිනම් අඩුම තරමේ බිම වාඩිවෙන්න ඉඩ දෙන්න කියලා. කවුරු පොලීසියට පැමිණිලි කළත් මම කරදර වෙන්නෙ නෑ. මම දිගටම මෙතන ඉඳගෙන ඉන්නවා කියලා මගේ ආත්ම විශ්වාසයෙන් මම කටයුතු කළා.

නොබෙල් සාම ත්‍යාගය සඳහා ඔබේ නම නිර්දේශ වීම ගැන මොකද හිතෙන්නෙ ?

ඇත්තටම මට ගොඩක් සතුටුයි. අවුරුදු 16ක් වගේ වයසකින් නොබෙල් සාම ත්‍යාගයට නිර්දේශ වුණු ලාබාලම පුද්ගලයා මම. බොහෝදෙනා මට කිව්වෙත් මම මේ කරන දේ ස්විඩනයට වගේම මුළු ලෝකයටම ආදර්ශයක් කියලා.

සැකසුම – ශානිකා සුලක්ෂිි

Recommended For You

About the Author: Editor