ජගත් සම්මානයට පාත්‍ර සිනමාවේදීන් ඇගයුම අද

මෙම වසර තුළ විදෙස් ජාත්‍යන්තර සිනමා උළෙල ගණනාවකදී විශේෂ සම්මානයට පාත්‍ර වූ සිනමාවේදීන් ඇගයීම සහ ඔවුන් වෙත මුදලින් ත්‍යාග පිරිනැමීමේ වැඩසටහනක් අද (10) පස්වරුවේ නිවාස ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු ඇමැති සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් බත්තරමුල්ල සෙත්සිරිපාය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

ජාතික චිත්‍රපට සංස්ථාව, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව එක්ව සංවිධාන කරන මේ වැඩ සටහනේදී නීටා ප්‍රනාන්දු , නිල්මිණි සිගේරා, කුමාර කරව්දෙණිය, ආචාර්ය වීසාකේස චන්ද්‍රසේකරම්, රංග බණ්ඩාරනායක, ඩී.නිශාදි රුවන්මලී, අතුල පීරිස්, අර්.එම් ශිරාන් රත්නායක මහත්ම මහත්මීන් මෙහිදී ඇගයීමට ලක් කෙරේ.

ප්‍රංශයේ නීස් සම්මාන උළෙල, ජපානයේ ඕසකා ආසියානු සිනමා උළෙල සහ රුසියාවේ Detective Fest 54 වැනි ජාත්‍යන්තර සිනමා උළෙල දී මෙම කලාකරුවන් සහ නිර්මාණ කරුවන් විවිධ සම්මානයෙන් පිදුම් ලබා ඇත. පාංශු, අසන්ධිමත්තා, නිහැඩියාව, අලි කතාව, හේමාලයෝ, ශ්‍රී ලංකා තේ රස නිර්මාණ සඳහා ඔවුහු විවිධ අංශවලින් සම්මානයට පාත්‍රවූහ.

Recommended For You

About the Author: Editor