රජයේ අපමණ වෙහෙය ඵලදරමින් සංචාරක කර්මාන්තය යළි පිබිදෙයි

‘‘සංචාරක ව්‍යාපාරය’’ පසුගිය වර්ෂ කිහිපය තුළ ශ‍්‍රී ලංකා ආර්ථිකයේ ජීවනාලිය බවට පත් වෙමින් තිබුණා. රටේ පැවැති උපරිම සුරක්ෂිතභාවය, සංචාරක ආකර්ෂණය වගේම සාපේක්ෂව වාසිදායක මිල ගණන් නිසා ජාත්‍යන්තර සංචාරක ව්‍යාපාරයේ වර්ණවත් ගමනාන්තයක් බවට නිතරගයෙන්ම වාගේ ලංකාව පත් වුණා.

පසුගිය වසර කිහිපය පුරා ‘‘ලෝකයේ හොඳම සංචාරක ගමනාන්තය’’ බවට ලංකාව නිසා නිසා පත් වුණා. සංචාරක ව්‍යාපාරය දියුණු කරන්න ආණ්ඩුවත් දැඩි කැපවීමකින් කටයුතු කළා. අවශ්‍ය සියලු සහන ලබා දුන්නා.

ඒත් කාගේ දෝ නොසැලකිල්ල, අනවධානය නිසා ‘‘පාස්කු ඉරිදා’’ ප‍්‍රහාරයෙන් පසු ඒ බලාපොරොත්තු ක්ෂණිකව බිඳ වැටුණා. ඒත් අදත් හෝටල් හිමියන්, සංචාරක මග පෙන්වනන්, ඇතුළු බොහෝ දෙනෙක් තුළ තිබෙන්නේ වසර කිහිපයක් පුරා පැවැති ඒ වසන්ත සමය යළි පැමිණීමක් ගැන මහමෙරක් සේ බලාපොරොත්තු තිබෙනවා.

රජය ඔවුන් අත නොහැර හැකි සෑම සහනයක්ම දීම නිසා ‘‘අල්ලා ගෙන ඉන්න පුළුවන්ය’’ යන හැඟීමක්, විශ්වාසයක් ඔවුන් තුළ තිබෙනවා. ඔවුන් නිවැරදියි. මේ වන විට රටවල් රැුසක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම සම්බන්ධයෙන් නිකුත් කර තිබූ ‘‘රතු නිවේදන’’ ඉවත් කරගෙන තිබෙනවා. ඒ කියන්නේ ඉදිරි සංචාරක සමය වන විට යළිත් ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය පුනර්ජීවනය ලබන බව පැහැදිලි කරුණක්.

මේ අතර ශ්‍රී ලංකා සංචාරක හා හෝටල් කළමණාකරණ ආයතනයේ (SLITHM) විසින් සංවිධානය කරන ලද ‘4/21 සිද්ධිය සහ එහි මානව සම්පත් පිළිබඳ එහි බලපෑම’ ( ‘4/21 Incident and its impact on HR in Tourism ) යන තේමාවෙන් යුත් දේශන මාලාවක් පසුගිය දා සංචාරක ක්ෂේත්‍රයේ අදාළ පාර්ශවකරුවන් මැදිහත්වීමෙන් පැවැත් වුණා.

මෙහි දී පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව ලංකාවේ සංචාරක ක්ෂේත්‍රය බලාපොරොත්තු වූවාට වඩා වේගයෙන් යථා තත්ත්වයට පත්වෙමින් තිබෙන බව කර්මාන්ත ක්ෂේත්‍රයේ අත්දැකීම් බහුල ප්‍රවීණයින් විසින් සඳහන් කළා.

මෙහිදී අදහස් දැක්වූ සංචාරක ප‍්‍රවර්ධන කාර්යංශයේ සභාපති කිෂූ ගෝමස් මහතා ශ‍්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙසේ සඳහන් කළා.

‘21 වැනිදා සිදු වූ ත්‍රාස්ත ක්‍රියාකාරකම්වලින් පසුව අද අපේ රටේ තත්ත්වය යහපත් මට්ටමක පවතිනවා. මේ වන විට ප්‍රධාන රටවල් හයක සංචාරකයින් ශ්‍රී ලංකාවට පැමිණෙනවා . අපි එම සංචාරකයින්ට ලංකාව සුරක්ෂිත ස්ථානයක් බවත්, සුන්දර සංචාරක ස්ථාන තවමත් එසේ ම පවතිනවා යන්න පිළිබඳවත් දැනුවත් කළ යුතු වනවා. නැවතත් ලෝකයේ සෑම රටකම ජනතාව අපේ රටට බියක් නැතිව පැමිණේවි කියලා විශ්වාසයෙන් යුක්තව කියනවා.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ වර්ධනය සඳහා සංචාරක ක්ෂේත්‍රය මහත් රුකුලක් වනවා. පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පසුව අප, රටවල් 30 ක පමණ සංචාරකයින් වෙනුවෙන් උපදෙස් ලබා දීම සිදු කළා. දැනටත් අප ලෝකයේ ජීවත්වන සෑම රටකම සංචාරකයින්ට අපේ රටේ සුන්දරත්වය පෙන්වා දීම සිදු කරනවා. සංචාරක ක්ෂේත්‍රය මඟින් විදේශ විනිමය උපදවා, රටේ ආදායම් තත්ත්වය වර්ධනය කර ගැනීමට අවස්ථා හිමි වෙනවා. ඒ වාගේ ම සංචාරක ක්ෂේත්‍රයට සමඟාමී වෙමින් ශ්‍රී ලංකාවේ ඇඟලුම් ක්ෂේත්‍රය තවදුරටත් ශක්තිමත් කර ගන්න පුළුවන්’ .

‘අප රටේ කර්මාන්ත ක්ෂේත්‍රයන් අතරින් විවේචනාත්මක හා උපාය මාර්ගික කර්මාන්තය වශයෙන් හදුන්වන්නේ සංචාරක කර්මාන්තයයි. අප රට අර්බුදයකට මුහුණ දී සිටින අතර එය මඟ හරවා ගත යුත්තේ සංචාරක කර්මාන්තය හරහාය.

ඉදිරි වසර පහ තුළදී ඩොලර් බිලියන 4.3 සිට ඩොලර් බිලියන 10 දක්වා සංචාරක ආදායමක් උපයා ගතහොත්, වර්තමාන ඩොලර් 3,900 ක ඒකපුද්ගල ආදායමෙන් අපේක්ෂිත ඩොලර් 7,000 දක්වා ප්‍රාග්ධන මට්ටමක් පවත්වා ගැනීම හැකිවේවි. පසුගිය වසර තුනක කාලය තුළ ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල ආදායම වැඩිවීම වසරකට ඩොලර් 50 ක් පමණ වූණා.

‘වෙනයම් ආකාරයේ ගැටලුකාරී තත්ත්වයන් සිදු නොවී තිබුණහොත් ශ්‍රී ලංකාවට ත්‍රාස්ත ක්‍රියාකාරකම් හේතුවෙන් දැනට තිබෙන තත්ත්වය පහ වී යථා තත්ත්වයට පත් වීම සඳහා අවුරුද්දක පමණ කාලයක් ගත වීමට පුළුවන්. කෙසේවුවද, 2019 හා 2020 යන වර්ෂවල පැවැත්වීමට නියමිත මැතිවරණවලට මෛගින් බලපෑමක් විය හැකියි. ලෝකයේ බොහෝ රටවල ත්‍රාස්තවාදී ක්‍රියා විටින් විට සිදු වී තිබෙනවා. එවැනි රටවලට යථා තත්ත්වයට පත් වීමට මාස 13 ක පමණ කාලයක් ගත වී තිබෙනවා . සැත්තැම්බර් මාසයේ දී ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ට ආශ්වාදජනක අත්දැකීම් බොහෝමයක් ලබා දෙන්න අපි සියලු කටයුතු සූදානම් කරමින් පවතිනා. ‍

අප ශ්‍රී ලංකාව ආරක්ෂිත ගමනාන්තයක් බවට පත් කිරීම හා නැවත යථා තත්ත්වයට පත් කිරීම සඳහා අලෙවිකරණ සැලැස්මක් සැකසීමේ කාර්යය සිදු කරනවා . ඍණාත්මක මාධ්‍ය නිරාවරණයන් , අහිතකර සංචාරක මාර්ගෝපදේශනයන් වළක්වා ගනිමින් , ඒ සියල්ල ධනාත්මක පරිදි හදුන්වා දීම සිදු කරනු ලබනවා.

මෙහිදී තම අත්දැකීම් ඇසුරින් වත්මන් තත්ත්වය සමාලෝචනය කළජෝන් කීල්ස් හෝල්ඩින්ග්ස් හි උපසභාපති දිලිප් මුඩදෙණිය මෙසේ සඳහන් කළා.

හපත් ආකාරයේ ආරක්ෂණ පියවරයන්, සංචාරකයින් සඳහා මූල්‍යමය ප්‍රතිපත්ති ලිහිල් කිරීම, ගමනාන්ත අලෙවිකරණ කටයුතුවලට ආයෝජනයන් සිදු කිරීම සහ සංචාරක කර්මාන්තය නඟා සිටු වීම සඳහා අනෙකුත් සහයෝගීතාවන් සැපයීම, යනාදී ක්‍රමවේදයන් හේතු කොට ගනිමින් ලෝකයේ අනෙකුත් ත්‍රාස්ත ප්‍රහාරයන්ට ලක් වූ රටවල්වල ආර්ථිකය යළිත් ගොඩ නඟා තිබෙනවා. එක්සත් ජනපදය, බාලි, ප්‍රංශය, කෙන්යාව, ටියුනීසියාව සහ ඊජිප්තුව යන රටවල මෙම ප්‍රතිපත්ති අනුගමනය කර තිබෙනවා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මහත් විනාශයක් සිදු වූ ෂැන්ග්‍රිලා හෝටලයේ -කොළඹ උප සභාපති සහ සාමාන්‍යාධිකාරී තිමෝති රයිට් මහතා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්.

ෂැන්ග්‍රිලා හෝටලයේ ප්‍රධානියා සමඟ මා පසුගිය දිනක පැවැත්වූ සාකච්ජාවකදී ඔහු මා සමඟ ප්‍රකාශ කළේ මෙම සිදු වීමෙන් අපගේ ‍ආදායම් මට්ටම පහළ ගියත්, ඊට වඩා අප අපට අහිමි වූ කාර්යය මණ්ඩලය සහ අමුත්තන් පිළීබඳව සිතිය යුතුයි. ශ්‍රී ලංකාව උඩුයටිකුරු කරමින් පසුගිය දිනක සිදු වුණු ත්‍රාස්ත ක්‍රියාකාරකම්වලින් පසුව අප අපේ හෝටලයේ ආරක්ෂාව උපරිම මට්ටමින් තහවුරු කළා. මේ වනවිට සමාන්‍ය පරිදි විවාහ උත්සව පවත්වනවා. බෝම්බ ප්‍රහාරය සිදු වුණූ විට දී අපගේ හෝටලය තුළ සිටි දෙස් විදෙස් සංචාරකයින් කිහිපදෙනෙකුටම ජීවිත මෙන් ම ශරීර හානි ද සිදු වුණා. කේසේ වුවත් කාර්යයමණ්ඩලයට දිගු කාලීන බලපෑමක් සිදු වුණේ නෑ. අප හෝටලය තුළ උපදේශන වැඩසටහන් ගණනාවක් සිදු කළා.

පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් මහත් විනාශයක් සිදු වූ කිංස්බරි හෝටලයේ ප්‍රධාන කළමණාකාරීණී ක්‍රිස්ටීන් ශෙවලා මහත්මිය මෙලෙස ප්‍රකාශ කළා.

අප රටේ සංචාරක ක්ෂේත්‍රයේ කලින් පැවති තත්ත්වයටත් වඩා යහපත් මට්ටමකට අපි ‍රැගෙන යා යුතු වනවා. ඒ සඳහා සංචාරකයින්ගේ මනෝභාවයන් සහ ආකල්ප වෙනස් කරමින් නව අලෙවිකරණ සැලැස්මක් තිබිය යුතු වනවා. මුළු ලෝකයේම පිහිටා තිබෙන රටවල් අතරින් විශිෂ්ඨතම සංචාරක රටක් වශයෙන් ශ්‍රී ලංකාව නම් කර තිබුණු විටක දී , නැවතත් ලංකාව එම මට්ටමට පත් කිරීම පහසු දෙයක් වනවා. මෙය අප අවුරුද්දකටත් වඩා අඩු කතාල සීමාවක් තුළ දී ලංකා රජය ඇතුළු සංචාරක ක්ෂේත්‍රයේ සියලු පාර්ශවයින් මැදිහත් වීමෙන් කළ යුතු වනවා. 

 

Recommended For You

About the Author: Editor