ෂිකර් ධාවන් ඉන්දියාව ජයටැඹ කරා රැගෙන යයි

ඊයේ ඕවල් ක‍්‍රීඩාංගනයට රැස් වූ දස දහස් සංඛ්‍යාත ක‍්‍රිකට් පිස්සන්ට කාලයකින් දකින්නට නොලැබෙන අපූරු තරගයක් දැකබලා ගැනීමේ වාසනාව උදා වුණා. ඒ ලෝකයේ සුපිරිම කණ්ඩායම් දෙකක් වන ඔස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව අතර පැවැති තරගයයි.

තරගයක ජයග‍්‍රහණය සඳහා යම් උත්තේජනයක් ලබා දෙන කාසියේ වාසිය දිනා ගත්තේ ඉන්දියානු නායක චිරත් කෝලි විසිනුයි. ඒ අනුව ඔස්ටේ‍්‍රලියානුවන් පසුපස හඹා යනවාට වඩා ඕස්ටේ‍්‍රලියානුවන්ට තමන් පසුපස හඹා ඒමට අවස්ථාව ලබාදීම සඳහා පළමුවෙන්ම පන්දුවට පහරදීමට කෝලි තීරණය කළා. කෝල්ලේ මූලික අරමුණ වුණේ ඕස්ටේ‍්‍රලියානුවන්ට දැවැන්ත ඉලක්කයක් ලබාදීමයි.

ඉන්දිය ඉනිම ආරම්භ කරමින් පළමුවෙන්ම පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේ රෝහිත් ෂර්මා – ෂිකර් ධාවන් යන ඉන්දියානු සුපිරි පිතිකරු යුගලයි.

දැවැන්ත ලකුණු ප‍්‍රමාණයක් ලබාගැනීම සඳහා කෝලි තැබූ විශ්වාසයට මනා සහයෝගයක් ලබා දුන් රෝහිත් _ ධාවන් යුවල පළමු කඩුල්ල සඳහා ලකුණු 127ක අගනා සම්බන්ධතාවක් වාර්තා කළා.

පළමු කඩුල්ල ලෙස පන්දු 70කට මුහුණ දී ලකුණ 57කට රෝහිත් ෂර්මා දැවී ගියා.
තෙවැනි කඩුල්ල ලෙස පිටියට පිවිසි නායක චිරාත් කෝලි නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 77කදී ලකුණු 82ක් වාර්තා කළා. කෝලිගේ ලකුණු 82ක තුළ 4 පහර 4ක් සහ 6 පහර 02ක් ද අන්තර්ගත වුණා.

මුළු ලකුණු සංඛ්‍යාව 220ක්ව තිබියදී ඉන්දියාවේ 02වැනි කඩුල්ල බිඳ වැටුණා.

කෝලිගේ දැවී යාමත් සමග පිටියට පිවිසි හර්දික් පාන්ඩ්‍යා පන්දු 27කදී වේගවත් ලකුණු 48ක් වාර්තා කළා. ඒ ලකුණු 48 තුළ 4 පහර 4ක් සහ 6 පහර 03ක් අන්තර්ගත වුණා. මහේන්ද්‍ර සිං දෝනි ලකුණු 27ක් වාර්තා කළා.

පළමු කඩුල්ල ලෙස පිටියට පිවිසි ෂීකර් ධාවන් පන්දු 109කදී ලකුණු 117ක් වාර්තා කරමින් ඉන්දීය ඉනිම ඉහළම තැනකට ඔසවා තැබුවා. ධාවන්ගේ ලකුණු 117 තුළ 4 පහර 16ක්ම අන්තර්ගත වීම සුවිශේෂත්වයක්. ඒ වගේම මේ ලකුණු 117 ධාවන්ගේ 17 වැනි එක්දින ශතකය ද වීම සුවිශේෂත්වයක්.

ඉන්දීය කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළදී කඩුළු 05ක් දැවී ලකුණු 352ක් ලබා ගත්තා.

ඉන්දීය ලකුණු පුවරුව
රෝහිත් ෂර්මා – 57
ෂිකර් ධාවන් – 117
චිරාත් කෝලි – 87
එච්. පාන්ඩ්‍යා – 48
මහේන්ද්‍ර සිං දෝනි 27
එල්. රාහුල් (නොදැවී) 11
කේ. ජාදම් (නොදැවී) 0

කඩුළු බිඳ වැටීම – 1/127, 2/220, 3/301, 4/338, 5/348

ඔස්ටේ‍්‍රලියානු ඉනිම

ලකුණු 353ක දැවැන්ත ඉලක්කයක් හඹා යාම වෙනුවෙන් පිටියට පිවිසි ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමේ ‘ඒරාන් ෆින්ච් – ඬේවිඞ් වෝනර්’ පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 61ක සම්බන්ධතාවක් වාර්තා කළා. වෝනර් පන්දු 84කදී ලකුණු 56ක් ලබා ගත් අතර ෆින්ච් පන්දු 35කදී ලකුණු 36්ක් ලබා ගෙන පළමු කඩුල්ල ලෙස දැවී ගියා.

ඕස්ටේ‍්‍රලියානු කණ්ඩායම වෙනුවෙන් වැඩිම ලකුණු සංඛ්‍යාවක් වාර්තා කළේ ස්ටීවන් ස්මිත් විසිනුයි. ඔහු පන්දු 70කදී ලකුණු 69ක් ලබා ගත්තා.

මැද පෙළ පිතිකරුවෙකු ලෙස පිටියට පිවිසි ඇලෙක්ස් කේරී ලකුණු 55ක් ලබා ගෙන යළි ඕස්ටේ‍්‍රලියානු ඉනිම ගොඩනැගීමට වෑයම් කළ ද එය ප‍්‍රමාණවත් වුණේ නැහැ. කේරී නොදැවී සිට ගත් උත්හාසය අවසානයේ ඉන්දිය පන්දු යවන්නන් හමුවේ බිඳ වැටුණා.

ඔස්ටේ‍්‍රලියානු පිළ නියමිත පන්දු වාර 50 තුළ දී කඩුළු 09කට ලකුණු 313ක් වාර්තා කළා.

ඒ අනුව ඉන්දීය – ඔස්ටේ‍්‍රලියානු තරගයෙන් ලකුණු 36ක වාර්තාගත ජයක් ලැබීමට ඉන්දියාව සමත් වුණා.

කඩුළු බිඳ වැටීම – 1/67, 2/133, 3/202, 4/238, 5/238, 6/244, 7/ 283, 8/300, 9/313

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor