කාත්තන්කුඩි පොලිසියයි සහරාන්ලයි එකටයි වැඩ කළේ – අසාත් සාලි

තමන් පාස්කු බම්බ ප්‍රහාරයන්ට සතියකට පෙර දීද සහරාන් නැමැත්තා ගැන පැවසු බව අද පාස්කු ඉරිදා ප‍්‍රහාරය ගැන සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි දෙමින් බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාර අසාත් සාලි මහතා ප‍්‍රකාශ කළේය.

අසාත් සාලි මහතා මේ බව ප‍්‍රකාශ කළේ අද පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ සාක්ෂි ලබා දෙමිනි.

මෙහිදී වැඩි දුරටත් සාක්ෂි දෙමින් සාලි මහතා කියා සිටියේ කාත්තන්කුඩි පොලිසිය සහ තවුහික් ජමාල් සංවිධානය එම ප‍්‍රදේශයේ එකට කටයුතු කළ බවයි.

මෙහිදී වැඩි දුරටත් සාක්ෂි දෙමින් අසාත් සාලි මහතා මෙසේද කීවේය.

2017 වසරේ දී කාත්තාන්කුඩිවල දී සහරාන් නැමති පුද්ගලයා විසින් පාරම්පරික මුස්ලිම් ජනතාවගේ ගෙවල් 120ක් ගිනි තැබුවා. ඔවුන්ට විරුද්ධව ක්‍රියාමාර්ග ගන්නා ලෙස මිනිසුන් මහ පාරේ උද්ඝෝෂණ කළත් පොලිසිය පාරම්පරික මුස්ලිම් ජනතාවගේ ගෙවල් ගිනි තැබූ තව්හිද් ජමාත් සංවිධානයේ පිරිස සම්බන්ධයෙන් කිසිදු ක්‍රියාමාර්ගයක් ගත්තේ නැහැ.

එම අවස්ථාවේ සිටි ස්ථානාධිපතිවරයා වහාම මාරු කර යැව්වා. පොලිසිය තව්හිද් ජමාත් සංවිධානය හා එක්ව සිටි නිසා පාරම්පරික මුස්ලිම් ජනතාවට කිසිදු පැමිණිල්ලක් දැමීමට අවස්ථාව හිමි වුණේ නැහැ. එසේ පැමිණිලි කිරීමට යන අය අත්අඩංගුවට ගැනීමට නම් කටයුතු කළා.

එහිදී විශේෂ කාරක සභාවේ සිටි සමාජිකයින් කියා සිටියේ මෙම චෝදනාව ඉදිරිපත් කිරීමට ඇති සාක්ෂි ඉදිරිපත් කරන ලෙසයි.

එයට පිළිතුරු දෙමින් අසාත් සාලි මහතා කියා සිටියේ තමාට සාක්ෂි දෙන්න එන්න කියු බැවින් පැමිණි බවත් සාක්ෂි රැගෙන ඒමට තරම් ප්‍රමාණවත් කාලයක් තමාට නොතිබුණ බවයි.

Recommended For You

About the Author: Editor