පාස්කු ඉරිදා කමිටුව ගැන ජනපති සමග කතා සදාචාර සම්පන්න නෑ – ජවිපෙ මන්ත‍්‍රී නලින්ද ජයතිස්ස

කතානායක කරු ජයසූරිය මහතා පාස්කු ඉරිදා කමිටුව සම්බන්ධයෙන් තීන්දුවක් ප්‍රකාශ කර ඇති බැවින් ඒ අනුව කටයුතු කරනවා විනා වෙනත් පාර්ශ්ව සමඟ කටයුතු කිරීම ප්‍රායෝගික නොවන බව ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී, කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.

පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලා වාර්තා කිරීමට පත් කළ කමිටු සාමාජිකයන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා හමුවී සාකච්ඡා කර ඉදිරි කටයුතු පිළිබඳ තීරණයක් ගැනීම කළ යුතු බවට කමිටුවේම සාමාජිකයෙකු හරහා ඉදිරිපත්ව ඇති යෝජනාව සම්බන්ධයෙන් lankaepress කළ විමසීමකට පිළිතුරු වශයෙන් නලින්ද ජයතිස්ස මහතා මේ බව සඳහන් කළේය.

එහිදී වැඩි දුරටත් අදහස් දැක්වූ නලින්ද ජයතිස්ස මහතා කියා සිටියේ ජනපතිවරයා හමුවීමට අවශ්‍ය නම් කමිටුව පළමු වරට රැස්වීමට ප්‍රථම ජනාධිපතිවරයාට කමිටු සාමාජිකයන් කැඳවා සාකච්ඡා කළ හැකිව තිබූ බවත් ජනාධිපතිවරයා සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කරන මේ මොහොතේ මෙලෙස ජනපතිවරයා හමුවීම සදාචාර සම්පන්න නොවන බවත්ය.

ජනාධිපතිවරයා හමුවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයකු හරහාම ඉදිරිපත් වූ යෝජනාව සම්බන්ධයෙන් අද (11) 2.00 ට රැස්වූ කමිටු සාමාජිකයන් සාකච්ඡා කර ඇති අතර බහුතරයකගේ මතය වී ඇත්තේ එසේ ජනපතිවරයා හමුවීම නුසුදුසු බවය.

Recommended For You

About the Author: Editor