පාස්කු ගින්න පත්තු වෙයි: අද කැබිනට් මණ්ඩල රැස්වීම නෑ ?

සතියේ අඟහරුවාදා පෙරවරුවේ සුපුරුදු පරිදි පැවැත්වෙන කැබිනට් රැස්වීම අද දින (11) නොපැවැත්වෙන බව ජ්‍යේෂ්ඨ ඇමතිවරයෙක් lankaepress සමග පැවසීය.

එහිදී ඇමැතිවරයා කියා සිටියේ පසුගිය සිකුරාදා රාත‍්‍රියේ පැවැති හදිසි කැබිනට් මණ්ඩල සාකච්ඡුාවේදී පාස්කු ඉරිදා ප‍්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කරන ලද පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව තවදුරටත් මේ ආකාරයෙන් කටයුතු කරන්නේ නම් තමාට කැබිනට් මණ්ඩල රැස්වීමටද සහභාගි විය නොහැකි බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා ප‍්‍රකාශ කළ බවත් ඒ අනුව ජනපතිවරයා අද දින කැබිනට් රැුස්වීම නොපැවැත්වීමට තීරණය කරන්න ඇතැයි විශ්වාස කළ හැකි බවත්ය.

මේ අතර සුපුරුදු පරිදි අගමැතිවරයාගේ ප‍්‍රධානත්වයෙන් කැබිනට් ඇමැතිවරුන්ගේ හමුව ඊයේ රාත‍්‍රියේදී පැවැත් වූ බව ද වාර්තා වේ.

ජනපතිවරයා විසින් මේ ආකාරයෙන් කැබිනට් මණ්ඩල රැුස්වීම නොපැවැත්වීම ආණ්ඩුව බරපතළ අර්බුදයකට තල්ලූ කරන්නක් බව දේශපාලන විශ්ලේෂකයින්ගේ අදහස වී තිබේ. මෙම තත්ත්වය දිගටම පැවතුණ හොත් ආර්ථිකය පමණක් නොව සමස්ත රාජ්‍ය පාලනයම බිඳ වැටෙනු ඇති බවට ඔවුහු අනතුරු අඟවති.

Recommended For You

About the Author: Editor