රිෂාඞ් සාක්ෂි දෙන තෙක්වත් පාස්කු ඉරිදා කාරක සභාව ඕනෑ : ඒත් ජාතික ආරක්ෂාව ගැන සාක්ෂි මාධ්‍යයට නෑ

පාස්කු ප්‍රහාරයට දිගින් දිගටම චෝදනා එල්ල වී ඇති හිටපු ඇමති රිෂාඩ් බදියුදීන් මහතා පැමිණ සාක්කි දෙන තෙක් පාස්කු ඉරිදා ප‍්‍රහාරය පිළිබඳ සොයා බලන පාර්ලිමේන්තු කාරක සභාව අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බව රජයේ ස්ථාවරය වී තිබෙන බව වාර්තාවේ.

රිෂාඩ් බදියුදීන් මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව තවමත් පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයේ පවතින බැවින් කාරක සභාව අනිවාර්යෙන් පැවතිය යුතු බව රජයේ ස්ථාවරය වි ඇත.

මේ අතර කාරක සභාවේ වැඩබලන සභාපති ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා ප්‍රමුඛ සාමාජිකයන් දීර්ඝ ලෙස කරුණු සාකච්ඡා කිරීමෙන් අනතුරුව කාරක සභාවේදී රටේ ජාතික ආරක්ෂාවට අදාළ කරුණු ප්‍රකාශ වෙද්දී ඒ අවස්ථා මාධ්‍යයට විවෘත නොකිරීමට එකඟතාවයක් ඇති කර ගෙන තිබෙන බව ද වාර්තා වේ.

Recommended For You

About the Author: Editor