පිරිමි හා සමාන වැටුප් ඉල්ලා ස්විස් කාන්තාවෝ වීදි බසිති

‘‘කාන්තා අයිතිවාසිකම්’’ ගැන ඉල්ලීමට බොහෝ දුර අතීතයක් තිබෙනවා. බුදුන් වහන්සේ හමුවට ගිය මහා ප‍්‍රජාපතී ගෝතමිය සහ යශෝධරාව එම සටනේ මුදුන්මල්කඩ වශයෙන් සැලකිය හැකි වුණත් නූතන කාන්තා අයිතිවාසිකම් දිනා ගැනීමේ ව්‍යාපාරය තුළ නම් එවැනි නම් ගැන කිසිදු කතාවක් නැහැ.

මේ නිසාම දෝ ආසියානු කලාපය තුළ ‘‘කාන්තා අයිතිවාසිකම්’’ බටහිර අදහසක්, අවශ්‍යතාවක් බවට බොහෝ විට ලඝු වෙනවා. ලංකාවේ අපි නම් කාන්තා අයිතිවාසිකම් ගැන කතා කරන කොට කියන්නේ ‘‘සම තැන නොවේ නිසි තැන’’ කියලයි.

ඒත් ලංකාවේ රජයේ කාර්යාලවලට ගිය අයෙකුට නම් ලංකාවේ කාන්තාවන් කොතරම් අයිතිවාසිකම් දිනා ගෙන තිබෙනවාද කියලා මනාව පැහැදිලි වෙනවා. ඒ ලංකාව ගැන, ස්විස්ටර්ලන්තය ගැන මොකද හිතෙන්නේ ? යන්න තියෙනවා නම් ‘‘තවුතිසාවට’’ ගියා වගේ ම තමයි. බොහෝම සුන්දර, යහපත් ජීවන තත්ත්වයක් තියෙන රටක්. කාටවත් කිසිම ප‍්‍රශ්නයක් නැති රටක්. ඒත් ස්විස්ටර්ලන්ත කාන්තාවන් නම් එහෙම නොහිතන බවයි දැන් දැන් පෙනී යන්නේ. ඒ ඔවුන්ට අපි හිතන තරම් හොඳ තැනක් ස්විස්ටර්ලන්තයේ නැතිකමයි.

ඊයේ ස්විස්ටර්ලන්ත කාන්තාවන් දීප ව්‍යාප්ත විරෝධතාවක් සංවිධාන කර තිබුණා. ඒ කාන්තාවන් සමානත්වයෙන් පිළිගැනීමට කටයුතු කරන්නැයි බලකරමින්. ස්තී‍්‍ර – පුරුෂ සමානාත්මතාව පිළිගැනීම කඩිනමින් සිදුකළ යුතු බවටයි දහස් ගණනින් පාරට බැස අදාළ පාර්ශ්වයන්ට බල කරන්නේ.

පිරිමින්ට සමාන වැටුපක් කාන්තාවන්ට ද ලබාදිය යුතු බවට වූ යෝජනාවක් පසුගිය වසරේදී ස්විස්ටර්ලන්ත පාර්ලිමේන්තුවට ද ඉදිරිපත්ව තිබෙනවා. වහාම එය ක‍්‍රියාත්මක කරන ලෙසයි මේ ස්විස් කාන්තාවෝ ආණ්ඩුවට බල කරන්නේ. ස්විස් මාධ්‍ය වාර්තා අනුව මීට වසර 28 කට පෙර ද මෙවැනිම විරෝධතාවක් ස්විස්ටර්ලන්තයේදී පැවැති තිබෙනවා.

Recommended For You

About the Author: Editor