රාජකීය රග්බි ක්‍රීඩාවට HNB අනුග්‍රහය

මෙරට රග්බි ක්‍රීඩා කරන පාසල් අතර ඉදිරියෙන්ම සිටින කොළඹ රාජකීය විදුහලේ රග්බි ක්‍රීඩාවට අනුග්‍රහය දැක්වමින් නිල බැංකු සහකරුවා වශයෙන් රාජකීය විදුහල සමඟින් අත්වැල් බැඳ ගැනීමටශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම බැංකුවක් වන හැටන් නැෂනල් බැංකුව ඉදිරිපත් වී තිබේ.

රාජකීය විදුහලේ රග්බි ක්‍රීඩාව සඳහා අනුග්‍රහය ලබාදීම පිළිබඳව අදහස් දක්වන හැටන් නැෂනල් බැංකුවේ බෙදාහැරීම් නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී සංජය විජේමාන්න මහතා, පාසල් රග්බි ක්‍රීඩාව අතර ඉදිරියෙන්ම සිටින පාසලක් වශයෙන්සිටින රාජකීය විදුහල සමඟ අත්වැල් බැඳ ගැනීමට අවස්ථාව උදාවීම තම බැංකුවට ආඩම්බරයක් වන බව සඳහන් කර සිටියි.

මේ අනුග්‍රාහකත්වය පිරිනැමීම ඉකුත්දා කොළඹදී පැවැති අතර එහිදී අනුග්‍රාහකත්වය සංකේතවත් වන චෙක්පත රාජකීය විදහල් විදුහල්පති බී. ඒ. අබේරත්න (ඡායාරූපයේ වමේ සිට සිවුවැන්නා) මහතාට හැටන් නැෂනල් බැංකුවේ නියෝජන්‍ය සාමාන්‍යාධිකාරී සංජය විජේමාන්න මහතා අතින් (වමේ සිට පස්වැන්නා) ලබා දුන් අවස්ථාව. (වමේ සිට) රාජකීය රග්බි තරග කමිටු සාමාජික ඩිල්ෂාන් ද සිල්වා, එම කමිටු සාමාජික හරිත් ජයසූරිය, එම කමිටු සභාපති රජීව් මලලසේකර, හැටන් නැෂනල් බැංකුවේ ප්‍රධාන අළෙවි අධ්‍යක්ෂක චම්මික වීරසිංහ, රාජකීය විදුහල් එකමුතු සංසදයේ ලේකම් මිතිල මෙන්ඩිස් සහ රාජකීය විදුහල් රග්බි කමිටුවේ උපදේශක චෙහාන් පෙරේරා යන මහත්වරුද ඡායාරූපයේ වෙති.

Recommended For You

About the Author: Editor