ලකුණු අහේනිය යළිත්, ඔස්ටේ‍්‍රලියාව හමුවේ ලංකාවට ලකුණු 87ක දැවැන්ත පරාජයක්

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් යළිත් සුපුරුදු පරිදි අසාර්ථක වීම හේතුවෙන් ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම අතර අද (15) පැවැති තරගයෙන් ලකුණු 87ක පහසු ජයක් ලැබීමට ඕස්ට්‍්‍රලියානු කණ්ඩායම සමත් විය.

මෙම තරගයේ දී ද ශ‍්‍රී ලංකා කණ්ඩායමේ මැදපෙළ පිතිකරුවන් දැඩි ලෙස අසාර්ථක වීම දැකගත හැකි වූ අතර ක‍්‍රීඩා විචාරකයින් අනාවැකි පළ කළ ආකාරයට ලකුණු 250ක සීමාව පවා පසු කිරීමට නොහැකි වීම ද විශේෂත්වයකි. ලංකාව වෙනුවෙන් යළි සාර්ථක වූ යේ ලකුණු 97ක් ලබා ගත් නායක දිමුත් කරුණාරත්න පමණක් වීම ද විශේෂත්වයකි.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායම නියමිත පන්දුවාර 50 තුළදී කඩුළු 7කට ලකුණු 334ක් රැස් කළේය. නායක Aaron Finch පන්දු 132කදී ලකුණු 153ක් රැස් කළ අතර Steve Smith පන්දු 59කදී ලකුණු 73ක් රැස් කළේය.

ශ‍්‍රී ලංකාව වෙනුවෙන් ඉසුරු උදාන සහ ධනංජය සිල්වා කඩුළු 2 බැගින් ද ලසිත් මාලිංග 01 කඩුල්ලක් ද ලබා ගත්තේය. පිතිකරුවන් දෙදෙනෙක් දුවද්දී දැවී යාමට හසුවීම විශේෂත්වයකි.

ලකුණු 335ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ආරම්භ පිතිකරු යුගල වන නායක දිමුත් කරුණාරත්න සහ කුසල් පෙරේරා පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 115ක සාර්ථක සම්බන්ධතාවක් පවත්වා ගැනීමට සමත් විය. පළමු කඩුල්ල ලෙස කුසල් පෙරේරා දැවි යන විට ඔහු පන්දු 36කදී ලකුණු 52ක් රැුස් කර සිටියේය. කුසල්ගේ ලකුණු 52ට 4 පහර 5ක් සහ 6 පහර 01ක් ඇතුළත් විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ දෙවැනි කඩුල්ල ලෙස ලකුණු 16කට ලහිරු තිරිමාන්න දැවී ගිය අතර ඒ වන විට ලංකාව මුළු ලකුණු 153ක් වාර්තා කර සිටියේය.

මුළු ලකුණු සංඛ්‍යාව 186දී ලකුණු 97ක් ලබා සිටි නායක දිමුත් කරුණාරත්න දැවී ගියේය. නායකත්වයේ ඉනිමක් ක‍්‍රීඩා කළ දිමුත් පන්දු 108කදී ලකුණු 97ක් ලබා ගැනීම විශේෂත්වයකි.

මුළු ලකුණු සංඛ්‍යාව 205 දී සිවුන කඩුල්ල ලෙස ඇන්ජිලෝ මැතිව් දැවී ගිය අතර ඔහු පන්දු 11කදී ලකුණු 09ක් පමණක් ලබා ගෙන සිටියේය. මුළු ලකුණු සංඛ්‍යාව 209 දී ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 05 වැනි කඩුල්ල ලෙස මිලින්ද සිරිවර්ධන ලකුණු 03කට දැවී ගියේය.

217දී 06 වැනි කඩුල්ල ලෙස ලකුණු 07කට තිසර පෙරේරාත්, ලකුණු 222දී 07 වැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් ලකුණු 30කට දැවී ගියේය. ශ‍්‍රී ලංකා කණ්ඩායමේ 08 වැනි කඩුල්ල 2236දී ද 09 වැනි කඩුල්ල 237දී ද 10 වැනි කඩුල්ල 247 දී ද දැවී ගියේය.

ශ‍්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 45.5 කදී සියලූම ක‍්‍රීඩකයින් දැවී ගොස් රැුස්කර ගත්තේ ලකුණු 247ක් පමණි. ඒ අනුව ඔස්ටේ‍්‍රලියානු කණ්ඩායමට ලකුණු 87ක දැවැන්ත ජයග‍්‍රහණයකට හිමිකම් කීමට හැකි විය.

ශ‍්‍රී ලංකා කණ්ඩායමට එරෙහිදී අගනා පන්දු යැවීමක නිරත වූ Mitchenll Starc 10/55/4, Pat Cammins 7.5/38/2, Kane Richarson 9/47/3, Jason Behrendorff 59/1

Recommended For You

About the Author: Editor