
ෂැංහයි සහයෝගීතා සමුළුවට සමගාමීව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සහ පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් අතර හුහද හමුවක් ඊයේ (14) සවස පැවැති බව විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන් වෙනවා.
කිරිකිස්තානයේ අගනුවර වන බිෂ්කෙක් හිදීයි මෙම හමුව සිදුව තිබෙන්නේ.
සාමාන්‍ය සුහද හමුවක් ලෙස නායකයින් දෙදෙනා කතාබහක නිරත වූ බව මාධ්‍ය සඳහන් කරන්නේ.
ෂැංහයි සහයෝගීතා සමුළුවේදී පාකිස්තාන අග්‍රාමාත්‍යවරයා සමග ද්වීපාර්ශ්වික සාකච්ඡා නොපවත්වන බවට අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මීට පෙර ප්‍රකාශ කර තිබීම තුළ සිදු වූ මෙම හමුව කාගෙන් අවධානය දිනාගෙන තිබෙනවා.
පසුගියදා ඉන්දීය කාශ්මීර් ප්‍රදේශයේදී සිදුවූ ප්‍රහාරයෙන් අනතුරුව මෙම හමුව සිදුවීම විශේෂත්වයක් බවයි ජාත්‍යන්තර මාධ්‍ය කියන්නේ. එම ප්‍රහාරයෙන් පසුව ඉන්දියාව සහ පාකිස්තානය අතර මතබේද හට ගත් අතර එය අගමැති මෝදිගේ මැතිවරණ ව්‍යාපාරයයේදී ද ප්‍රධාන තේමාවක් වුණා.