කොදෙව් පිළ හමුවේ බංග්ලාදේශයට කඩුළු 07ක පහසු ජයක්

ලෝක කුසලාන පළමු වටයේ තරගයක් ලෙස අද (17) බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශය අතර පැවැති තරගයෙන් කඩුළු 7ක ජයක් ලැබීමට බංග්ලාදේශය සමත් වුණා.

පළමුවෙන් පන්දුවට පහර දුන් බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම නියමිත පන්දු වාර 50 තුළ දී කඩුළු 08කට ලකුණු 321ක් වාර්තා කළා.

කොදෙව් කණ්ඩායම වෙනුවෙන් Shai Hope 90/ 121, Evin Lewis 70/67, Shimron Hetmyer 50/26 වාර්තා කළා.

බංග්ලාදේශය වෙනුවෙන් පන්දු යැවීමේ නිතරත වූ Mastafizur Rahman 3/9/9, Mohommed Saifaddin 3/72/10, Shakib Al Hasan 2/54/8 වාර්තා කළා.

ලකුණු 322ක ඉලක්කයක් හඹාගිය බංග්ලාදේශ පිතිකරුවන් පන්දු වාර 41.3කදී කඩුළු 03කට ලකුණු 322ක් වාර්තා කළා.

බංග්ලාදේශය වෙනුවෙන් රැස් කළා. Shakib Al Hasan 124/99, Liton Das 94/69, Tamim Iqbal 48/53

කොදෙව් පිළි වෙනුවෙන් පන්දු යැවූ Andre Rassell 1/42/ 6, Oshane Thomas 1/52/ 6, Chris Gayle 0/ 22/ 2 වාර්තා කළා.

Recommended For You

About the Author: Editor