කොදෙව් – බංග්ලාදේශ් කවුරු දිනුවත් ශ‍්‍රී ලංකාව ප‍්‍රසාද ලකුණු සටහනේ පහළට

අද (18) ටෝන්ටන් හි කවුන්ට් ග‍්‍රවුන්ඞ්හි පැවැත්වෙන බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ තරගයෙන් කවුරුන් ජයග‍්‍රහණය කළත් ශ‍්‍රී ලංකාවට මේ වන විට ප‍්‍රසාද ලකුණු සටහනේ තිබෙන 05 වැනි ස්ථානය අහිමි වන බව ක‍්‍රීඩා විචාරකයින් පවසනවා.

ඒ මේ වන විට තරග 04 බැගින් ක‍්‍රීඩාකරමින් ප‍්‍රසාද ලකුණු 03 බැගින් දිනාගෙන ඇති බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශ කණ්ඩායම් දෙකෙන් එකක් පහසුවෙන් ශ‍්‍රී ලංකාව දිනාගෙන ඇති ප‍්‍රසාද ලකුණු 04 පහසුවෙන් ඉක්වමා යා හැකි නිසයි.

12 වැනි ලෝක කුසලාන තරගාවලියේ පළමු වටයේ තරගවලින් 22ක් 16 වැනිදා වන විට නිමාවට පත්ව තිබෙනවා. ඒ අනුව ‘‘කණ්ඩායම් ප‍්‍රසාද ලකුණු සටහනේ’’ ලකුණු 08ක් දිනා ගනිමින් පළමු ස්ථානය දිනා ගැනීමට තරග 05කට ක‍්‍රීඩා කර ඉන් 04ක් ජයග‍්‍රහණය කළ ඔස්ටේ‍්‍රලියාව සමත්ව තිබෙනවා.

දෙවැනි ස්ථානයේ නවසීලන්තයත්, තෙවැනි ස්ථානයේ ඉන්දියාවත් අපරාජිතව සිටිනවා. සත්කාරක එංගලන්තය සිවුන ස්ථානයේ පසුවන විට ශ‍්‍රී ලංකාව පසුවන්නේ පස්වැනි ස්ථානයේයි. ප‍්‍රසාද ලකුණු සටහනේ අවසාන ස්ථානයේ ඇෆ්ගනිස්ථානය සිටින අතර 09 වන ස්ථානයේ පාකිස්ථානයත්, 08 වන ස්ථානයේ බංග්ලාදේශයත් සිටිනවා.

දළ ලකුණු වේගය ගත් විට ඉදිරියෙන්ම සිටින්නේ නවසීලන්තයයි. ඔවුන් +2.163ක් ලබා ගෙන ඇති අතර එංගලන්තය + 1.557් දඉන්දියාව + 1.420ක් ද බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම + 0.666ක් ද ලබා ගෙන සිටිනවා.

ශ‍්‍රී ලංකාවේ දළ ලකුණු වේගය සටහන් වන්නේ – 1.778ක් ලෙසයි. එය පහළම අගය වශයෙන් සැලකිය හැකියි. ඇග්ගනිස්ථානය – 1.638ක් ලබා ගෙන සිටිනවා.

අද බටහිර ඉන්දිය කොදෙව් සහ බංග්ලාදේශය අතර තරගය ටෝන්ටන්හි ‘කවුන්ට් ග‍්‍රවුන්ඞ්’’ ක‍්‍රීඩාංගනයේදී පැවැත්වීමට නියමතව තිබෙනවා. මේ වන විට තරග 04කට පමණක් ක‍්‍රීඩාකර ඇති මෙම රටවල් දෙකෙන් එකක් තර ජයග‍්‍රහණය කළහොත් ඔවුන් ප‍්‍රසාද ලකුණු සටහනේ දී ශ‍්‍රී ලංකාව අභිබවා යාමට නියමිතව තිබෙනවා.

සටහන – කසුන් ප‍්‍රබෝධ සමරවීර

Recommended For You

About the Author: Editor