නවතම Huawei Y5 2019 වෙළෙඳපොළට

Huawei Y ස්මාර්ට් ජංගම දුරකථන පෙළට එක්වූ නවත ම සාමාජිකයාවන Y5 ජංගම දුරකථනය නවත ම විශේෂාංග රැසකින් සමන්විතය.

Android Pie මත පදනම් වූ EMUI 9 මෙහෙයුම් පද්ධතියෙන් යුතු මෙම නවත ම ජංගම දුරකථනය 32GB අභ්‍යන්තර ගබඩා කිරීමේ පහසුකමින් මෙන්ම 512GB දක්වා microSD කාඩ් ඇතුළත් කිරීමේ හැකියාවෙන් ද යුතු වෙයි.

තවද, microUSB හරහා ආරෝපණයවන 3,020mAh බැටරියකින් ද මෙම දුරකථනය සමන්විතය. මෙම දුරකථනයට 4G සබඳතාවක් සමඟින් පහසුවෙන් පැය 10 ක කාලයක් ක්‍රියාත්මක වීමේ හැකියාව පවතින බවත් පැය 74ක් දක්වා නොකඩවා සංගීතයට සවන්දීමට හෝ පැය 16 ක් දක්වා ගබඩාකරන ලද වීඩියෝ නැරඹීමටත් හැකි බව Huawei පරීක්ෂණාගාර තුළ සිදු කළ පරික්ෂාවලදී තහවුරු වී ඇත. ඒ අනුව ජංගම දුරකථනය වැඩි වශයෙන් භාවිත කරන පාරිභෝගිකයන්ට පවා දිනකට එක් වරක් පමණක් දුරකථනය ආරෝපණය කර භාවිත කළ හැකිය.

අඟල් 5.71ක 19:9 DewDrop දර්ශන තිරයකින් සමන්විත Y5 2019 ස්මාර්ට් ජංගම දුරකථනය, අන්තර්ජාලයේ සැරිසැරීම, වීඩියෝ නැරඹීම හෝ ක්‍රීඩාවල නිරත වීම සඳහා අසමසම දර්ශන අත්දැකීමක් හිමිකර දෙයි.

මෙහි දර්ශන තිරය සාපේක්ෂව විශාල වුවත් තනි අතින් පහසුවෙන් තිරය හැසිරවීමට හැකි වීම විශේෂත්වයකි. 32GB ROM එකකින් සමන්විත මෙම දුරකථනය Huawei සමාගමේ EROFS අභ්‍යන්තර මතක උපරිමකරණ තාක්ෂණයෙන් ද යුතුවෙයි.

එම තාක්ෂණය හරහා දුරකථනයේ පද්ධති මෘදුකාංග ඵලදායී ලෙස සම්පීඩනය කරමින් උපරිම ගබඩාකරණ හැකියාවක් ලබාදෙයි. Huawei සමාගමට විශේෂ වූ කාඩ්පත් තුනක් ඇතුළත් කිරීමේ හැකියාව මෙම දුරකථනයට ද ලබාදී ඇති අතර ඒ අනුව නැනෝ-සිම් කාඩ්පත් දෙකක් සහ එක් මෙමරි කාඩ්පතක් ඇතුළත් කිරීමට හැකිය.

Recommended For You

About the Author: Editor