RDB මූල්‍ය පදනම ශක්තිමත් කරන්න ADB වෙතින් ඩොලර් මිලියන 50ක්

ප්‍රාදේශිය සංවර්ධන බැංකූව මූල්‍ය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණින් ආසියානු සංවර්ධන බැංකූව වීසින් ඩොලර් මිලයන 50 ක ණය මුදලක් ලබාදුණි. මේ සම්බන්ධ ගිවිසුම පසුගිය දා මුදල් අමාත්‍යාංශයේ දී ආසියානු සංවර්ධන බැංකූවේ නියෝජිතයින් සහ ප්‍රාදේශිය සංවර්ධන බැංකූ නියෝජිතයින් විසින් අත්සන් කරන ලදි.

රජය විසින් 2018 වසරේ එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හදුන්වා දෙනු ලැබූවේ 2025 වසර ශ්‍රී ලංකාව ව්‍යවසායක වශයෙන් පොහොසත් රටක් ලෙස ඔසවාතැබීම සදහායි. එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා වැඩසටහන හරහා දීප ව්‍යාප්තව සුළු සහ මධ්‍ය පරිමාන ව්‍යවසායකයින් නගාසිටුවීම සහ තරුණ ව්‍යවසායක සමාජයක් මෙරට නිර්මාණය කිරීම වෙනුවෙන් කටයුතූ කරයි. ඔවුනට අවශ්‍ය මූල්‍ය සහයෝගය සහන පොළී පදනමක් මත ලබාදීම වෙනුවෙන් මුදල් අමාත්‍යාශය සහ අනෙකුත් රජයේ මූල්‍ය ආයතන කටයුතූ කරයි.

මෙම වැඩපිළිවෙල වඩාත් කාර්යක්ෂම සහ ශක්තිමත් ලෙස සිදුකිරීම සදහා ආසියානු සංවර්ධන බැංකූව ප්‍රාදේශිය සංවර්ධන බැංකූවට මෙම ඩොලර් මිලයන 50 ලබාදී ඇත. මෙයට අමතරව මෙම ණය මුදල මගින් කාන්තා ව්‍යවසායිකාවන් සවිබල ගැන්වීම අරමුණු කෙරේ. එමෙන්ම මෙයට අමතරව ව්‍යවසායකත්ව පුහුණු වැඩසටහන් දීප ව්‍යාප්තව පැවැත්වීම සදහා ආසියානු සංවර්ධන බැංකූව ඩොලර් මිලියන 1 ක ප්‍රදානයක්ද ප්‍රාදේශිය සංවර්ධන බැංකූවට ලබාදී ඇත.

මෙම ණය මුදලට අදාල ගිවිසුම අත්සන් කිරීම සදහා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස් සමරතූංග මහතා ආසියානු සංවර්ධන බැංකූවේ මෙරට අධ්‍යක්ෂ ශ්‍රී විඩොවේට් මහත්මිය, ප්‍රාදේශිය සංවර්ධන බැංකූවේ සභාපති සුජිත් කාරියවසම් මහතා සහ වැඩබල සාමාන්‍යාධිකාරී ප්‍රධාන විධායක නිළධාරී ටී.කූහන් මහතා ඇතූළු පිරිස සහබාගි විය.

Recommended For You

About the Author: Editor