යළි ඇමැතිකම් ගන්න මුස්ලිම් කොන්ග‍්‍රසය තව කල් ඉල්ලයි

එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන කබීර් හෂීම් සහ අබ්දුල් හලීම් අද (19* අමාත්‍යධූරවල යළි දිව්රුම් දුන්න ද ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රස් නායක රාවුෆ් හකීම් ඇතුළු සිවුදෙනා අමාත්‍යධුවල දිව්රුම්දීම තවත් කල් යන බව ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසයේ ප‍්‍රකාශකයෙක් lankaepress සමග සඳහන් කළේය.

ඔහු සඳහන් කළේ ඒ සම්බන්ධයෙන් අවසාන තීරණය ශ‍්‍රිලමුකෝ උත්තරීතර මණ්ඩල හමුවෙන් පසුව ගන්නා බවයි. උත්තරීතර මණ්ඩලය හැකි ඉක්මනින් රැුස්වන බව ද ඔහු සඳහන් කළේය.

ශ‍්‍රී ලංකා මුස්ලිම් කොන්ග‍්‍රසය නියෝජනය කළ, ෆයිසර් කාසිම්, අලි සහීර් මවුලානා, එම්.එම්.එම් හාරිස් සහ එහි නායක රාවුෆ් හකීම් පසුගිය දා අමාත්‍ය පදවිවලින් ඉල්ලා අස්වූහ.

Recommended For You

About the Author: Editor