අනපේක්ෂිත අනතුරින් විලියම් – කේට් යුවළ දැඩි කණස්සල්ලට

බි‍්‍රතාන්‍යයේ රාජකීය විලියම්- කේට් යුවල ලන්ඩනයේ සිට වින්ඩ්සර් මාලිගය වෙත ගමන් කරමින් සිටියදී ඔවුන්ට ආරක්ෂාව ලබා දුන් පොලිස් යතුරු පැදියක ගැටී 83 හැවිරිදි කාන්තාවක් බරපතළ තුවාල ලබා තිබෙනවා.

මෙම අනතුරින් රාජකීය යුවළ මේ පිළිබඳව දැඩි සේ ශෝකයට පත්වන බවත් අනතුරට පත් කාන්තාව පිළිබඳ නිරන්තර අවධානයෙන් සිටින බවත් කෙන්සිංග්ටන් මාළිඟය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළා.

විලියම්- කේට් යුවල විසින් ඉක්මන් සුව ප්‍රාර්ථනා කරමින් ඇය වෙත ‍මල් කළඹක් ද යවා තිබෙන බවයි එම නිවේදනයේ වැඩි දුරටත් සඳහන් වන්නේ.

Recommended For You

About the Author: Editor