
එක්සත් ජාතීන්ගේ සාම සාධක සේවාවන් සඳහා පොලිසියේ සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරින් මුදා හැරීමේ දී මානව හිමිකම් කොමිෂන් සභාව මගින් සිදුකරන නිශ්කාෂණ ක්‍රියාවලිය ප්‍රමාදවීම හේතුවෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය යොමු වෙයි.
මේ පිළිබඳව මානව හිමිකම් කොමිෂන් සභාව සමඟ අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති විශේෂ සාකච්ඡාවක දී ජනාධිපතිවරයා උපදෙස් ලබා දුන්නේ සියලු පාර්ශ්වයන් අතර අවබෝධයෙන් සහ සම්බන්ධීකරණයෙන් මෙම ගැටලුව නිරාකරණය කර ගැනීමට කඩිනම් පියවර ගත යුතු බවයි. නියමිත කාලයට නිලධාරින් එම සේවාව සඳහා යොමු කිරීම ප්‍රමාදවීම හේතුවෙන් එම අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමිවන අතර එය රටේ ආර්ථිකයට මෙන් ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව පිළිබඳ තබා ඇති විශ්වාසයට ද අහිතකර තත්ත්වයක් බව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ ය.
විනයවත් සහ දක්ෂ හමුදාවක් ලෙස අපගේ ත්‍රිවිධ හමුදාවට එක්සත් ජාතින්ගේ සාම සාධක සේවාවන් සඳහා ඉහළ ඉල්ලුමක් පවතින අතර, විදෙශ රටවල් රැසක් විසින් ද අපගේ ත්‍රිවිධ හමුදාවට පුහුණු අවස්ථා උදා කර දී තිබෙන බව පැවසු ජනාධිපති එම අවස්ථා නිසි පරිදි එම සාමාජිකයන්ට ලබාදීමට අවශ්‍ය ක්‍රමවේදය විධිමත්ව ක්‍රියාත්මක විය යුතු බවට ද උපදෙස් දුන්නේය.
2004 වසරේ සිට ශ්‍රී ලංකාව එක්සත් ජාතින්ගේ සාමසාධක මෙහෙයුම් සඳහා භට පිරිස්වල දායකත්වය ලබාදෙන අතර මේ වන විට විශාල භට පිරිසක් එම සේවාවන්හි යොදවා තිබේ. එමඟින් එම සාමාජිකයන් ආර්ථික වශයෙන් සවිබල ගැන්වීම මෙන්ම ඔවුන්ගේ වෘත්තීමය නිපුණතාවයන් ඔප් නැංවීම ද සිදු වෙයි.
ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා ඇතුථ ආරක්ෂක අංශ ප්‍රධානීහු ද, ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති දීපිකා උඩුගම මහත්මිය ඇතු`ථ නිලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.